2. 7. 1.
අට්ඨික සූත්රය
603. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත්ඵල මහත් අනුසස් ඇති වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථික සංඥාවෙන් යුක්ත සති සම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථිකසංඥාවෙන් යුක්ත උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් ඵල ඇත්තී මහත් අනුසස් ඇත්තී වේ යි.
2. 7. 2.
දුතිය අට්ඨික සූත්රය
604. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද කල්හි බහුල කරන ලද කල්හි ඵල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි. දිටුදැමියෙහි ම රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව හෝ යි. මහණෙනි, අස්ථිකසංඥාව කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි රහත්බව ද උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව ද යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමැති වියයුතු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, අස්ථිකසංඥාව මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි ම රහත් බව ද උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව ද යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමති විය යුතු යි.
2. 7. 3.
තතිය අට්ඨික සූත්රය
605. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් වැඩ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් වැඩ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ග පරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් වැඩ පිණිස පවතී යි.
2. 7. 4.
චතුත්ථ අට්ඨික සූත්රය
606. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් යෝගක්ඛේමය (නිවන) පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් යෝගක්ඛේමය පිණිස පවතී ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් යෝගක්ඛේමය පිණිස පවති යි.
2. 7. 5.
පඤ්චම අට්ඨික සූත්රය
607. මහණෙනි, අට්ඨික සඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් සංවේග පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් සංවේග පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත්සංවේගය පිණිස පවතී යි.
2. 7. 6.
ඡට්ඨ අට්ඨික සූත්රය
608. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසු විහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි -පෙ- අට්ඨික සඤ්ඤා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතියි.
2. 7. 7-12.
පුළවක සූත්ර
609-614 මහණෙනි, පුළවකසඤ්ඤාව ... පවතී යි.