2. 5. 8.
ආදිච්ච සූත්රය
594. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු ය, මේ පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ කල්යාණමිත්රත්වයෙක් වේ ද, මහණහට සත්බොජඟ ඉපදීමට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත සිහිසම්බොජඟ විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ සත් බොජඟ වඩයි, සත් බොජඟ බහුල කෙරේ යි.
2. 5. 9.
අඞ්ග සූත්රය
595. මහණෙනි, මේ යෝනිසෝමනසිකාරය යම් බඳු ද, මහණෙනි, සත්බොජඟ ඉපදීමට ඇතුළත වූ අවයවයක් කොට අන් එක් අවයවයකුදු නො ම දකිමි. මහණෙනි, සත්බොජඟ වඩන්නේ ය, සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ තෙමේ කෙසේ නම් සත්බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සිහිසම්බොජඟ වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ සත්බොජඟ වඩයි, සත්බොජඟ බහුල කෙරේ යි.
2. 5. 10.
දුතිය අඞ්ග සූත්රය
596. මහණෙනි, මේ කල්යාණමිත්රත්වය යම්බඳු නම් මහණෙනි, සත්බොජඟ ඉපදීම පිණිස බාහිර වූ අවයවයක් කොට අන් එක් දහමකුදු නො ම දකිමි. මහණෙනි, සත්බොජඟ වඩන්නේය, සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සිහිසම්බොජඟ වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ මෙසේ සත්බොජඟ වඩයි, සත්බොජඟ බහුල කෙරේ යි.
පස්වැනි චක්කවත්ති වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
විධා, චක්කවත්ති, මාර, දුප්පඤ්ඤ, පඤ්ඤව, දළිද්ද, අදළිද්ද, ආදිච්ච සූත්ර අටෙකි. අඞ්ග සූත්ර දෙකෙකි. ඔහු (මුළුල්ල) දශයෙකි යි.
6. බොජ්ඣඞ්ග වර්ගය
2. 6. 1.
ආහාර සූත්රය
597. මහණෙනි, පස්නීවරණයන්ගේ ද සත් බොජ්ඣඞ්ගයන්ගේ ද ආහාරයත් අනාහාරයත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිසත් උපන් කාමච්ඡන්දයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර (-ප්රත්යය) කිමෙක් ද යත්; මහණෙනි, සුභනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් කාමච්ඡන්දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්දයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් ව්යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්යාපාදයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, ප්රතිඝනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද; නූපන් ව්යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්යාපාදයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් ථීනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්; මහණෙනි, (අධිකුශලධර්මයන්හි) නො ඇල්මෙක් තෙමරියෙක් මැලිකැඩීමෙක් බත් මතයෙක් සිතේ සැඟැවුණු බවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත්, උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැදීම පිණිසත් උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, සිතේ නො සන්සුන් කමෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද: නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත්, උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත්, උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්; මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත්, උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගයේ ඉපැද්මටත්, උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.