12. 7. 9.
බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
3911. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් බමුණන්ට හිත වූවෝ ද ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් කෙනෙක් බමුණන්ට හිත නුවූවෝ ද මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 10.
අපචායී සූත්‍රය
3912. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් කුලදෙටුවන් පුදන්නෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් කුලදෙටුවන් නොපුදන්නෝ නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
සත්වැනි ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
අඤ්ඤත්‍ර, පච්චන්ත, පඤ්ඤා, සුරාමේරය, ඔදකජ, සුතුරු ද මෙත්තෙය්‍ය, පෙත්තෙය්‍ය, සාමඤ්ඤ, බ්‍රහ්මඤ්ඤ, අපචායී සුතුරු දැ යි දසයෙකි යි.
8. දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල
12. 8. 1.
පාණාතිපාත සූත්‍රය
3913. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් පණිවායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් පණිවායෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 2.
අදින්නාදාන සූත්‍රය
3914. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අයිනාදනින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් අයිනාදනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 3.
කාමෙසුමිච්ඡාචාර සූත්‍රය
3915. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් කාමයෙහි මිසහසරින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් කාමයෙහි මිසහසරින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 4.
මුසාවාද සූත්‍රය
3916. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මුසවායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් මුසවායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 5.
පිසුණවාචා සූත්‍රය
3917. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් පිසුණුබසින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් පිසුණුබසින් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 6.
ඵරුසවාචා සූත්‍රය
3918. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් රළුබසින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් සත්‍ව කෙනෙක් රළුබසින් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.