7. ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ගය
12. 7. 1.
අඤ්ඤත්‍ර සූත්‍රය
3903. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නගා භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මා විසින් නියසිළෙහි යම් පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි. වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිය සිළෙහි නගන ලද පස්බිඳ ගිණුමටත් නො පැමිණේ. සැසඳීමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු අල්පය. වැලි යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙන් අන් තන්හි උපදිත් නම් ඔහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: චතුරාර්‍ය්‍යසත්‍යය නො දුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කට යුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 2.
පච්චන්ත සූත්‍රය
3904. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මවිසින් නියසිළෙහි යම් මේ පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැයි. වහන්ස, යම් මේ මහපොළොවක් වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලාවෙන් කලාවට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම මධ්‍යමජනපදයන්හි යම් සත්‍ව කෙනෙක් උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් අප්‍රසිද්ධ වූ අශිෂ්ට වූ පැසුළු දනව්හි උපදිත් නම් මොහු ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 3.
පඤ්ඤා සූත්‍රය
3905. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ආර්‍ය්‍ය වූ ලොවී ලොවුතුරු නුවණැසින් සමන්‍වාගත වෙත් නම් ඒ සත්‍වයෝ මඳය හ, වැලි යම් කෙනෙක් අවිද්‍යායෙන් යුතු වූවාහු මුළා වූවෝ වෙද්ද මේ සත්‍වයෝ ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 4.
සුරාමේරය සූත්‍රය
3906. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙරමත්පැනින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙර මත්පැනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 5.
ඔදකජ සූත්‍රය
3907. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ගොඩබිම උපදනාහු ද ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් දියෙහි උපදනෝ ද මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 6.
මත්තෙය්‍ය සූත්‍රය
3908. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මවට හිත වූවෝ ද, ඔහු මඳය හ. වැලි යම් සත්‍ව කෙනෙක් මවට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 7.
පෙත්තෙය්‍ය සූත්‍රය
3909. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් පියාට හිත වූවෝ ද ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් පියාට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 8.
සාමඤ්ඤ සූත්‍රය
3910. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මහණුන්ට හිත වූවෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් මහණුන්ට හිත නුවූවෝ නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.