12. 7. 5.
ඔදකජ සූත්රය
3907. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ගොඩබිම උපදනාහු ද ඒ සත්වයෝ මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් දියෙහි උපදනෝ ද මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 7. 6.
මත්තෙය්ය සූත්රය
3908. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් මවට හිත වූවෝ ද, ඔහු මඳය හ. වැලි යම් සත්ව කෙනෙක් මවට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 7. 7.
පෙත්තෙය්ය සූත්රය
3909. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් පියාට හිත වූවෝ ද ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් පියාට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ. ... වීර්ය්ය කටයුතු යි.
12. 7. 8.
සාමඤ්ඤ සූත්රය
3910. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් මහණුන්ට හිත වූවෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් මහණුන්ට හිත නුවූවෝ නම් මොහු ම ඉබොහෝහ. ... වීර්ය්ය කටයුතු යි.
12. 7. 9.
බ්රහ්මඤ්ඤ සූත්රය
3911. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් බමුණන්ට හිත වූවෝ ද ඒ සත්වයෝ මඳයහ. වැලි යම් කෙනෙක් බමුණන්ට හිත නුවූවෝ ද මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 7. 10.
අපචායී සූත්රය
3912. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් කුලදෙටුවන් පුදන්නෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් කුලදෙටුවන් නොපුදන්නෝ නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
සත්වැනි ආමකධඤ්ඤපෙය්යාල වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
අඤ්ඤත්ර, පච්චන්ත, පඤ්ඤා, සුරාමේරය, ඔදකජ, සුතුරු ද මෙත්තෙය්ය, පෙත්තෙය්ය, සාමඤ්ඤ, බ්රහ්මඤ්ඤ, අපචායී සුතුරු දැ යි දසයෙකි යි.