12. 6. 9.
පබ්බතූපම සූත්රය
3901. මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවුරජහුගේ අබ පමණ වූ පහණසකුරු සතක් බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සතෙක් වේ නම් එය හෝ හිමවත් පවුරජ හෝ දැ යි? වහන්ස, යම් මේ හිමවත් පවුරජෙක් වේ නම් හේ ම ඉබෙහෙවි. බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. හිමවත් පවුරජු හා සැසඳීමෙහි දී බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සත ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්ය්ය කටයුතු යි.
12. 6. 10.
දුතිය පබ්බතූපම සූත්රය
3902. මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවුරජ අබ පමණ වූ පහණසකුරු (ගල්කැට) සතක් තබා ක්ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, “ඒ කිමැ” යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? හිමවත් පවුරජුගේ යම් ක්ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් එය හෝ ඉතිරි වූ අබ පමණ වූ යම් පහණසකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, හිමවත් පවුරජුගේ යම් මේ ක්ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. අබ පමණ වූ ඉතිරි වූ සත්පහණසකුරු ඉතා මඳ ය. හිමවත් පවුරජුගේ ක්ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී අබ පමණ වූ ඉතිරි වූ සත්පහණසකුරු ගිණුමටත් නො පැමිණේ. සැසඳුමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි.
මහණෙනි, එසෙයින් ම සිවුසස් පිළිවිදි දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ක්ෂය වූ ගෙවුණු යම් මේ දුකෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද, “මේ දුක් හටගැනුමැ” යි තතුසේ දනී ද, “මේ දුක් වැළැක්මැ” යි තතුසේ දනී ද, “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, යන යම් මේ සත්තක්ඛත්තුපරමතාවක් වේ ද, එය ක්ෂය වූ ගෙවුණු පළමු දුක්කඳ හා සැසඳීමෙහි දී ගිණුමටත් නො පැමිණේ. සැසැඳුමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
සවැනි අභිසමයවර්ග යි.
එහි සූත්ර නාමාවලිය :
නඛසිඛා, පොක්ඛරණී යි දෙකෙක් ද අනෙක් සම්භෙජ්ජ සුතුරු දෙකෙක් ද පඨවි සුතුරු දෙකෙක් ද සමුද්ද සුතුරු දෙකෙක් ද පබ්බතූපම සුතුරු දෙකෙක් දැයි මුළුල්ල දසයෙකි යි.