12. 6. 10.
දුතිය පබ්බතූපම සූත්රය
3902. මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවුරජ අබ පමණ වූ පහණසකුරු (ගල්කැට) සතක් තබා ක්ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, “ඒ කිමැ” යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? හිමවත් පවුරජුගේ යම් ක්ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් එය හෝ ඉතිරි වූ අබ පමණ වූ යම් පහණසකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, හිමවත් පවුරජුගේ යම් මේ ක්ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. අබ පමණ වූ ඉතිරි වූ සත්පහණසකුරු ඉතා මඳ ය. හිමවත් පවුරජුගේ ක්ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී අබ පමණ වූ ඉතිරි වූ සත්පහණසකුරු ගිණුමටත් නො පැමිණේ. සැසඳුමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි.
මහණෙනි, එසෙයින් ම සිවුසස් පිළිවිදි දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ක්ෂය වූ ගෙවුණු යම් මේ දුකෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද, “මේ දුක් හටගැනුමැ” යි තතුසේ දනී ද, “මේ දුක් වැළැක්මැ” යි තතුසේ දනී ද, “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, යන යම් මේ සත්තක්ඛත්තුපරමතාවක් වේ ද, එය ක්ෂය වූ ගෙවුණු පළමු දුක්කඳ හා සැසඳීමෙහි දී ගිණුමටත් නො පැමිණේ. සැසැඳුමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
සවැනි අභිසමයවර්ග යි.
එහි සූත්ර නාමාවලිය :
නඛසිඛා, පොක්ඛරණී යි දෙකෙක් ද අනෙක් සම්භෙජ්ජ සුතුරු දෙකෙක් ද පඨවි සුතුරු දෙකෙක් ද සමුද්ද සුතුරු දෙකෙක් ද පබ්බතූපම සුතුරු දෙකෙක් දැයි මුළුල්ල දසයෙකි යි.
7. ආමකධඤ්ඤපෙය්යාල වර්ගය
12. 7. 1.
අඤ්ඤත්ර සූත්රය
3903. එකල්හි භාග්යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නගා භික්ෂූන් ඇමතූසේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මා විසින් නියසිළෙහි යම් පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි. වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්යවතුන් වහන්සේ විසින් නිය සිළෙහි නගන ලද පස්බිඳ ගිණුමටත් නො පැමිණේ. සැසඳීමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු අල්පය. වැලි යම් සත්ව කෙනෙක් මිනිසුන් කෙරෙන් අන් තන්හි උපදිත් නම් ඔහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: චතුරාර්ය්යසත්යය නො දුටු බැවිනි. කවර චතුරාර්ය්යසත්යයක යත්: “දුක්ඛාර්ය්යසත්යය ... දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය” යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කට යුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්ය්ය කටයුතු යි.
12. 7. 2.
පච්චන්ත සූත්රය
3904. එකල්හි භාග්යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මවිසින් නියසිළෙහි යම් මේ පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැයි. වහන්ස, යම් මේ මහපොළොවක් වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. භාග්යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලාවෙන් කලාවට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම මධ්යමජනපදයන්හි යම් සත්ව කෙනෙක් උපදිත් නම් ඒ සත්වයෝ මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් අප්රසිද්ධ වූ අශිෂ්ට වූ පැසුළු දනව්හි උපදිත් නම් මොහු ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්ය්ය කටයුතු යි.
12. 7. 3.
පඤ්ඤා සූත්රය
3905. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ආර්ය්ය වූ ලොවී ලොවුතුරු නුවණැසින් සමන්වාගත වෙත් නම් ඒ සත්වයෝ මඳය හ, වැලි යම් කෙනෙක් අවිද්යායෙන් යුතු වූවාහු මුළා වූවෝ වෙද්ද මේ සත්වයෝ ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්ය්ය කටයුතු යි.