12. 5. 10.
දුතියසිනේරු සූත්රය
3892. මහණෙනි, යම්සේ සිනේරුපවුරජ මුං පමණ වූ පහණ සකුරු සතක් තබා ක්ෂයවීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා වැඩි ද? සිනේරුපවුරජුගේ ක්ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, සිනේරුපවුරජුගේ යම් මේ ක්ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ මුං පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. සිනේරුපවුරජුගේ ක්ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සත ගිණුමට ද නො පැමිණේ. සැසැඳීමට ද නො පැමිණේ. කල භාගයකට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම චතුස්සත්යාවබෝධය කළ දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ක්ෂය වූ ගෙවුණු යම් මේ දුකෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. ක්ෂය වූ ගෙවුණු පළමු දුක්කඳ හා සැසැඳීමෙහි දී යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, යන යම් මේ සතතකඛතතුපරමතාවක් වේ නම් මෙය ගිණුමට දු නො පැමිණේ. සැසඳුමකට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
පපාතවර්ග ය පස්වැනි යි.
එහි සූත්ර නාමාවලිය :
චින්තා, පපාත, පරිළාහ, කූට, වාද, අන්ධකාර යි සයෙක් ද ඡිග්ගල සුතුරු දෙකෙක් ද අනෙක් සුතුරු දෙකෙක් ද කියන ලද හ යි.
6. අභිසමය වර්ගය
12. 6. 1.
නඛසිඛා සූත්රය
3893. ඉක්බිති භාග්යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නඟා භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මවිසින් නියසිළෙහි නගන ලද යම් මේ පස් බිඳෙක් වේ නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි? වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉතා බොහෝ ය. භාග්යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස් බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බිඳ ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම චතුස්සත්යාවබෝධය කළ දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ... මේ දුක ම ඉතා බොහෝ ය. යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද ... මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
12. 6. 2.
පොක්ඛරණී සූත්රය
3894. මහණෙනි, යම්සේ අයමින් පනස්යොදුන් වූ විතරින් පනස්යොදුන් වූ ගැඹරින් පනස්යොදුන් වූ මුවවිට සම කොට දියෙන් පිරුණු කවුඩන් විසින් පිය හැකි පොකුණෙක් වේ ද, පුරුෂයෙක් කුසතණඅගින් එයින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? කුසතණඅගින් යම් දියෙක් නගන ලද නම් එය හෝ පොකුණෙහි වූ දිය හෝ දැ යි? වහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. කුසතණඅගින් නගන ලද දිය ඉතා මඳ ය. පොකුණෙහි වූ දිය හා සැසඳීමෙහි දී කුසතණඅගින් නගන ලද දිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට දු නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්ය්ය කටයුතු යි.
12. 6. 3.
සම්භෙජ්ජ සූත්රය
3895. මහණෙනි, යම්සේ මේ මහානදීහු එනම්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නදීහු යම් තැනෙක එක් වැ ගලාබසිත් ද එක්වෙද්ද, පුරුෂයෙක් එයින් දෙතුන් දියබිඳක් නඟන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? නගන ලද යම් දෙතුන් දියබිඳුහු වෙත් නම් ඔහු හෝ යම් මුසුදියෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, යම් මේ (සෙසුනදීන් හා) මුසුදියෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. නගන ලද දෙතුන් දියබිඳුහු ඉතා මඳයැ. මුසුදිය හා සැසඳීමෙහි දී නගන ලද දෙතුන් දියබිඳුහු ගිණුමට ද නො පැමිණෙත්. සැසඳුමට ද නො පැමිණෙත්. කලභාගයට ද නො පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්ය්ය කටයුතු යි.