12. 2. 6.
දුතිය ධාරණ සූත්රය
3858. මහණෙනි, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ යි මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, මම භාග්යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ”යි දරමි යි. “මහණ, ඒ කෙසේ නම් තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ”යි. වහන්ස, “මම භාග්යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්ය්යසත්යය පළමුවනු කොට දෙසන ලදැ” යි දරමි. වහන්ස, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛාර්ය්යසත්යය පළමු නො වේ. මම මේ පළමුවන දුක්ඛාර්ය්යසත්යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛාර්ය්යසත්යයක් පළමුවනු කොට පනවන්නෙමි”යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
වහන්ස, මම භාග්යවතුන් වහන්සේ විසින් දුක්ඛසමුදයාර්ය්යසත්යය දෙවනු කොට දේශනා ලදැ යි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛසමුදයාර්ය්යසත්යය දෙවනු නො වේ. මම මේ දෙවන දුක්ඛසමුදයාර්ය්යසත්යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛසමුදයාර්ය්යසත්යයක් දෙවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
වහන්ස, මම භාග්යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධාර්ය්යසත්යය තෙවනු කොට දේශනා කරන ලදැ යි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධාර්ය්යසත්යය තෙවනු නො වේ. මම මේ තෙවන දුක්ඛනිරෝධාර්ය්යසත්යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධාර්ය්යසත්යයක් තෙවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
වහන්ස, මම භාග්යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය සිවුවනු කොට දේශනා කරන ලදැයි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය සිවුවනු නො වේ. මම මේ සිවුවන දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යයක් සිවුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. වහන්ස, මෙසේ මම භාග්යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරමි.
මහණ, මැනවි, මැනවි. මහණ, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරනු මැනවි. මහණ, මා විසින් දුක්ඛාර්ය්යසත්යය පළමුවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛාර්ය්යසත්යය පළමු නො වේ. මම මේ පළමුවන දුක්ඛාර්ය්යසත්යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛාර්ය්යසත්යයක් පළමුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත ...
මහණෙනි, මා විසින් දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය සිවුවනු කොට දේශනා කරන ලදි. එය එසේ දරවු. මහණ, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය සිවුවනු නො වේ. මම මේ සිවුවන දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යයක් සිවුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණ, මෙසේ තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරවු. මහණ, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්ය්ය කටයුතු යි.
12. 2. 7.
අවිජ්ජා සූත්රය
3859. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, අවිද්යා අවිද්යා” යි කියනු ලැබේ. වහන්ස, අවිද්යා නම් කවර යැ? කෙතෙකින් අවිද්යාගතත් වේ දැ”යි. මහණ, යම් දුකෙහි නො දැන්මෙක් දුක් හටගැන්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි නො දැන්මෙක් වේ ද, මහණ, මේ අවිද්යා යි කියනු ලැබේ. මෙතෙකින් අවිද්යාගතත් වේ. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යි වීර්ය්ය කටයුතු යි.