12. 11. 30.
සවන පෙත්තිචුති සූත්‍රය
3977. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත ව ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් ද යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යය කෙනෙක යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක හටගැනුමැ” යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් වැළැක්ම”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
එකොළොස්වැනි පඤ්චගතිවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
මනුස්සචුති, දේවචුති, නිරයචුති, තිරච්ඡානචුති , පෙත්තිචුති වශයෙන් චුති නමින් දක්වන ලද ෂට්සූත්‍රාන්ත කෙනෙක් වෙති යි.
සච්චසංයුත්තය සමාප්ත යි.
මහාවග්ගය නිමියේ යි.
එහි සංයුත්තනාමාවලිය:
මග්ග, බොජ්ඣඞ්ග , සති, ඉන්‍ද්‍රිය, සම්මප්පධාන, බල, ඉද්ධිපාද, අනුරුද්ධ, ඣාන, ආනාපාන, සෝතාපත්ති, සච්ච යී සංයුත්ත දොළසෙක් වේ යි.
එහි වර්‍ගනාමාවලිය:
සමාධි, ධම්මචක්කප්පවත්තන, කෝටිගාම, සිංසපාවන, පපාත, අභිසමය යි සයෙක් ම වේ. (ආමකධඤ්ඤපෙය්‍යාල, දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල, තතිය ආමකධඤ්ඤපෙය්‍යාල, චතුත්‍ථ ආමකධඤ්ඤපෙය්‍යාල යි) ආමකධඤ්ඤපෙය්‍යාල යන නම් ඇත්තා වූ වර්‍ග සතරෙකි. (ඒ සියල්ල) පඤ්චගති පෙය්‍යාලවර්‍ගය සමග (සච්චසංයුත්තයෙහි වර්‍ග) එකොළොසෙක් වේ මැ යි.
සංයුත්තනිකාය නිමියේ යි.