12. 11. 1.
මනුස්සචුති සූත්‍රය
3948. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද කිමෙක් ඉබොහෝ ද මවිසින් යම් මේ පස්බිඳෙක් නියසිළෙහි නඟන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ” යි? “වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද මේ පස්බිඳ ඉතාමඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමටද නො පැමිණේ”. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත්: මහණෙනි, සිවු අරීසස් නුදුටු බැවිනි, කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යය ... දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කට යුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කට යුතු යි.
12. 11. 2.
දෙවන මනුස්සචුති සූත්‍රය
3949. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ . යළි යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු තිරිසන්යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත් ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 3.
තෙවන මනුස්සචුති සූත්‍රය
3950. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ . වැළි යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 4.
සිවුවන මනුස්සචුති සූත්‍රය
3951. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිස් ලොවින් ච්‍යුතවූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍වකෙනෙක් මිනිස්ලොවින් ච්‍යුතවූවාහු නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 5.
පස්වන මනුස්සචුති සූත්‍රය
3952. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඒ ඔහු මඳහ . වැළි යම් සත්‍ව කෙනෙක් මිනිස් ලොවින් ච්‍යුතවූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 6.
සවන මනුස්සචුති සූත්‍රය
3953. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ . වැළි යම් සත්‍ව කෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 7.
දේවචුති සූත්‍රය
3954. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ වෙත් ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 8.
දෙවන දේවචුති සූත්‍රය
3955. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දෙව්ලොවින් ච්‍යුතව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 9.
තෙවන දේවචුති සූත්‍රය
3956. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දිව්‍යවිෂයෙන් ච්‍යුත ව දිව්‍යවිෂයයෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දිව්‍යවිෂයයෙන් ච්‍යුත ව ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 10.
සිවුවන දේවචුති සූත්‍රය
3957. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.