12. 11. 2.
දෙවන මනුස්සචුති සූත්රය
3949. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ . යළි යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්යුතවූවාහු තිරිසන්යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත් ... වීර්ය්ය කටයුතු යි.
12. 11. 3.
තෙවන මනුස්සචුති සූත්රය
3950. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්වයෝ මඳයහ . වැළි යම් සත්වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්යුතවූවාහු ප්රේතවිෂයෙහි උපදිත් නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 11. 4.
සිවුවන මනුස්සචුති සූත්රය
3951. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිනිස් ලොවින් ච්යුතවූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ. වැළි යම් සත්වකෙනෙක් මිනිස්ලොවින් ච්යුතවූවාහු නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ... වීර්ය්ය කටයුතු යි.
12. 11. 5.
පස්වන මනුස්සචුති සූත්රය
3952. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් මිනිස්ලොවින් ච්යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඒ ඔහු මඳහ . වැළි යම් සත්ව කෙනෙක් මිනිස් ලොවින් ච්යුතවූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 11. 6.
සවන මනුස්සචුති සූත්රය
3953. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් මිනිස්ලොවින් ච්යුත වූවාහු දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ . වැළි යම් සත්ව කෙනෙක් මිනිස්ලොවින් ච්යුත වූවාහු ප්රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 11. 7.
දේවචුති සූත්රය
3954. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් දෙව්ලොවින් ච්යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්ව කෙනෙක් දෙව්ලොවින් ච්යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ වෙත් ... වීර්ය්ය කටයුතු යි.
12. 11. 8.
දෙවන දේවචුති සූත්රය
3955. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් දෙව්ලොවින් ච්යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්වකෙනෙක් දෙව්ලොවින් ච්යුතව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 11. 9.
තෙවන දේවචුති සූත්රය
3956. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් දිව්යවිෂයෙන් ච්යුත ව දිව්යවිෂයයෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්වකෙනෙක් දිව්යවිෂයයෙන් ච්යුත ව ප්රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 11. 10.
සිවුවන දේවචුති සූත්රය
3957. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්වකෙනෙක් දෙවියන් කෙරෙන් ච්යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.