11. 7. 3.
විපුලපඤ්ඤ සූත්‍රය
3832. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... විපුලපැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 4.
ගම්භීරපඤ්ඤ සූත්‍රය
3833. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... ගැඹුරුපැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 5.
අසාමන්තපඤ්ඤ සූත්‍රය
3834. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... අසාමන්ත (නො සමීප) පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 6.
භූරිපඤ්ඤ සූත්‍රය
3835. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... බොහෝ පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 7.
පඤ්ඤාබාහුල්ල සූත්‍රය
3836. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... පැන බහුලබව පිණිස පවතිත් යි.
11. 7. 8.
සීඝපඤ්ඤ සූත්‍රය
3837. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... වහා වැටැහෙන පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 9.
ලහුපඤ්ඤ සූත්‍රය
3838. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... යුහුපැනැතිබව පිණිස පවතිත් යි.
11. 7. 10.
හාසුපඤ්ඤ සූත්‍රය
3839. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... හාසබහුල පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 11.
ජවනපඤ්ඤ සූත්‍රය
3840. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... දිවෙන පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 12.
තික්ඛපඤ්ඤ සූත්‍රය
3841. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... තියුණු පැනැති බව පිණිස පවතිත් යි.
11. 7. 13.
නිබ්බේධිකපඤ්ඤ සූත්‍රය
3842. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිබ්බේධික පඤ්ඤ (කෙලෙස් පළන පැනැති බව) පිණිස පවතිත්. කවර සිවු දහමෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනසිකාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිර්වේධික පැනැති බව පිණිස පවතිත් යි.
සත්වැනි මහාපඤ්ඤ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය :
මහාපඤ්ඤ, පුථුපඤ්ඤ, විපුලපඤ්ඤ, ගම්භීරපඤ්ඤ, අසාමන්තපඤ්ඤ, භූරිපඤ්ඤ, පඤ්ඤාබාහුල්ල, සීඝපඤ්ඤ, ලහුපඤ්ඤ, හාසුපඤ්ඤ, ජවනපඤ්ඤ, තික්ඛපඤ්ඤ, නිබ්බේධිකපඤ්ඤ යි තෙළෙස් සුතුරු කෙනෙකි.
සෝතාපත්ති සංයුත්තය නිමියේ යි.
එහි වර්‍ගනාමාවලිය :
වේළුද්වාර, රාජකාරාම, සරකානි, පුඤ්ඤාභිසන්‍ද, සගාථ පුඤ්ඤාභිසන්‍ද, සප්පඤ්ඤ, මහාපඤ්ඤ යි (සෝතාපත්ති සංයුත්තයෙහි වර්‍ග සතෙකි යි).