11. 7. 13.
නිබ්බේධිකපඤ්ඤ සූත්‍රය
3842. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිබ්බේධික පඤ්ඤ (කෙලෙස් පළන පැනැති බව) පිණිස පවතිත්. කවර සිවු දහමෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනසිකාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිර්වේධික පැනැති බව පිණිස පවතිත් යි.
සත්වැනි මහාපඤ්ඤ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය :
මහාපඤ්ඤ, පුථුපඤ්ඤ, විපුලපඤ්ඤ, ගම්භීරපඤ්ඤ, අසාමන්තපඤ්ඤ, භූරිපඤ්ඤ, පඤ්ඤාබාහුල්ල, සීඝපඤ්ඤ, ලහුපඤ්ඤ, හාසුපඤ්ඤ, ජවනපඤ්ඤ, තික්ඛපඤ්ඤ, නිබ්බේධිකපඤ්ඤ යි තෙළෙස් සුතුරු කෙනෙකි.
සෝතාපත්ති සංයුත්තය නිමියේ යි.
එහි වර්‍ගනාමාවලිය :
වේළුද්වාර, රාජකාරාම, සරකානි, පුඤ්ඤාභිසන්‍ද, සගාථ පුඤ්ඤාභිසන්‍ද, සප්පඤ්ඤ, මහාපඤ්ඤ යි (සෝතාපත්ති සංයුත්තයෙහි වර්‍ග සතෙකි යි).