11. 4. 6.
සභාගත සූත්රය
3804. මහණෙනි, සිවුදහමෙකින් යුතු වූවහු (ඇරබ) සතුටු සිත් ඇති දෙවියෝ සභාවට පැමිණියාහු කියත්. (කථා කෙරෙත්) කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධහය භගවත්හ”යි බුදුන් කෙරෙහි අචල ප්රසාදයෙන් සමන්වාගත වෙයි. යම් ඒ දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වූවාහු මෙයින් ච්යුත ව එහි පැමිණියාහු නම් ඔවුනට මෙබඳු සිතෙක් වෙයි: “අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු අචල ප්රසාදයෙකින් සමන්වාගත වූවමෝ එයින් ච්යුත ව මෙහි පැමිණියමෝ නම් අරීසවු තෙමේත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු අචල ප්රසාදයෙකින් සමන්වාගත දෙවියන් සමීපයට පැමිණෙන්නේ ය”යි.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “ආර්ය්යශ්රාවක තෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. යම් ඒ දෙවි කෙනෙක් ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වූවාහු මෙයින් ච්යුත ව එහි පැමිණියාහු නම් ඔවුනට මෙබඳු සිතෙක් වෙයි. “අපි යම් බඳු ආර්ය්යකාන්තශීලයෙකින් සමන්වාගත වූවමෝ එයින් ච්යුත ව මෙහි පැමිණියමෝ නම් ආර්ය්යශ්රාවක තෙමේත් එබඳු ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත ය. දෙවියන් සමීපයට පැමිණෙන්නේ ය”යි. මහණෙනි, මේ සිවුදහමින් යුතු වූවහු (ඇරබ) සතුටු සිත් ඇති දෙවියෝ සභාවට පැමිණියාහු කියති යි.
11. 4. 7.
මහානාම සූත්රය
3805. එක්කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්යදනව්වෙහි කිඹුල්වත නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත් පසෙක හුන් මහානාම ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, කෙතෙකින් උපාසක වේ දැ”යි? මහානාම, යම් කලෙක බුදුන් පිහිට කොට ගියේ වේ ද, දහම පිහිට කොට ගියේ වේ ද, සඟුන් පිහිට කොට ගියේ වේ ද, මහානාම, මෙතෙකින් උපාසක වේ යි.
වහන්ස, උවසු තෙමේ කෙතෙකින් සිල්සපන් වේ දැ?යි. “මහානාම, යම් කලෙක උවසු තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද අයිනාදනින් වැළකුණේ වේ ද, කාමයෙහි මිසහසරින් වැළකුණේ වේ ද, මුසවායෙන් වැළකුණේ වේ ද, පමාවට කරුණු වූ රහමෙර මත්පැනින් වැළකුණේ වේ ද, මහානාම, උවසු තෙමේ මෙතෙකින් සිල්සපන් වේ”යි.
වහන්ස, උවසු තෙමේ කෙතෙකින් සැදෑසපන් වේ දැ?යි. මහානාම, මෙහි උවසු තෙමේ සැදැහැ ඇත්තේ වේ ද, “ඒ භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු අර්හත්හ, සම්යක් සම්බුද්ධයහ. විජ්ජාචරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදුහ, අනුත්තරපුරුෂදම්මසාරථිහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන්ගේ බුදුබව සඳහා ද, මහානාම, උවසු තෙමේ මෙතෙකින් සැදෑසපන් වේ යි.