11. 4. 4.
දේවපද සූත්රය
3802. මහණෙනි, නො පිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ පළමුවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “ධර්මය භාග්යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුත්තේ”යි දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ දෙවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “භාග්යවතුන් වහන්සේගේ සවුසඟහු සුපිළිපන්හ ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ තෙවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ අඛණ්ඩ වූ … සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ සිවුවන දෙව්පිය ය. මහණෙනි, මේ සතර නොවිසුදු සතුන්ගේ විසිදු පිණිස නොදිලෙන සතුන් දුල්වනු පිණිස වූ දෙවියන්ගේ දෙව්පිය යි.
11. 4. 5.
දුතිය දේවපද සූත්රය
3803. මහණෙනි, අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ “දෙවියන්ගේ දෙව්පිය කිමෙක් දැ”යි? මෙසේ නුවණින් සලකා බලයි. හෙතෙමේ මෙසේ දැන ගනී: “මම දැන් දෙවියන් නිදුක්බව පරම කොට ඇත්තවුනැ යි අසමි. මම තැති ගන්නා වූ හෝ නොතැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. ඒකාන්තයෙන් මම දෙව්පිය දහමින් යුතු වූයෙම් වෙසෙමි” යි. අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස මේ දෙවියන්ගේ පළමුවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ දෙවියන්ගේ දෙව්පිය කිමෙක් දැ”යි මෙසේ නුවණින් සලකා බලයි. හෙතෙමේ මෙසේ දැනගනී: “මම දැන් දෙවියන් නිදුක්බව පරම කොට ඇත්තවුනැ යි අසමි. මම තැතිගන්නා වූ හෝ නොතැති ගන්නා වූ හෝ කිසිවකු නො ම පෙළමි. ඒකාන්තයෙන් මම දෙව්පිය දහමින් යුතු වූයෙම් වෙසෙමි” යි. අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස වූ මේ දෙවියන්ගේ සිවුවන දෙව්පිය ය. මහණෙනි, මේ සතර අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස වූ දෙවියන්ගේ දෙව්පිය යි.
11. 4. 6.
සභාගත සූත්රය
3804. මහණෙනි, සිවුදහමෙකින් යුතු වූවහු (ඇරබ) සතුටු සිත් ඇති දෙවියෝ සභාවට පැමිණියාහු කියත්. (කථා කෙරෙත්) කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධහය භගවත්හ”යි බුදුන් කෙරෙහි අචල ප්රසාදයෙන් සමන්වාගත වෙයි. යම් ඒ දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වූවාහු මෙයින් ච්යුත ව එහි පැමිණියාහු නම් ඔවුනට මෙබඳු සිතෙක් වෙයි: “අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු අචල ප්රසාදයෙකින් සමන්වාගත වූවමෝ එයින් ච්යුත ව මෙහි පැමිණියමෝ නම් අරීසවු තෙමේත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු අචල ප්රසාදයෙකින් සමන්වාගත දෙවියන් සමීපයට පැමිණෙන්නේ ය”යි.