11. 4. 2.
දුතියාභිසන්ද සූත්රය
3800. මහණෙනි, සැපයට ප්රත්යය වූ මේ පුණ්යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වෙයි. මේ සැපයට ප්රත්යය වූ පළමුවන පුණ්යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ මුදන ලද ත්යාග ඇත්තේ (ත්යාගශීලී වූයේ) (ආවවුන්ට දීම පිණිස) දෝනා ලද අත් ඇත්තේ ත්යාගයෙහි ඇලුණේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහ ව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. මේ සැපයට ප්රත්යය වූ සිවුවන පුණ්යනදී ය, කුශලනදී ය. මහණෙනි, මේ සතර සැපයට ප්රත්යය වූ පුණ්යනදීහු කුශලනදීහු යි.
11. 4. 3.
තතියාභිසන්ද සූත්රය
3801. මහණෙනි, සැපයට ප්රත්යය වූ මේ පුණ්යගඞ්ගා කුශලගඞ්ගා සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වෙයි. මේ සැපයට ප්රත්යය වූ පළමුවන පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ නුවණැත්තේ වෙයි. උදයව්යය පිරිසිඳ දැනීමට සමත් වූ ආර්ය්ය වූ නිර්වේදයට හිත වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන ප්රඥායෙන් සමන්වාගත වෙයි. මේ සැපයට ප්රත්යය වූ සිවුවන පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සැපයට ප්රත්යය වූ පුණ්යගඞ්ගාවෝ කුශලගඞ්ගාවෝ යි.
11. 4. 4.
දේවපද සූත්රය
3802. මහණෙනි, නො පිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ පළමුවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “ධර්මය භාග්යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුත්තේ”යි දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ දෙවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “භාග්යවතුන් වහන්සේගේ සවුසඟහු සුපිළිපන්හ ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ තෙවන දෙව්පිය ය.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ අඛණ්ඩ වූ … සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ සිවුවන දෙව්පිය ය. මහණෙනි, මේ සතර නොවිසුදු සතුන්ගේ විසිදු පිණිස නොදිලෙන සතුන් දුල්වනු පිණිස වූ දෙවියන්ගේ දෙව්පිය යි.