11. 2. 10.
තතිය දේවචාරික සූත්රය
3788. එකල්හි භාග්යවතුන් වහන්සේ යම්සේ බලවත් පුරුෂයෙක් ... එසෙයින් ම ජේතවනයෙහි අතුරුදන් වූ සේක් තවුතිසා දෙව්ලොව පහළ වූ සේක. එකල්හි බොහෝ වූ තවුතිසාවැසි දෙවියෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි ඒ දෙවියන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ඇවැත්නි, “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි භාග්යවතුන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ. ඇවැත්නි, ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, ආර්ය්යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ යි.
නිදුකාණන් වහන්ස, “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මනා ම වේ. නිදුකාණන් වහන්ස, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්රජාව විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. නිදුකාණන් වහන්ස, ධර්මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වීම මනා ම වේ. නිදුකාණන් වහන්ස, ආර්ය්යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්රජාව විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
දෙවෙනි රාජකාරාම වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
සහස්ස, බ්රාහ්මණ, ආනන්ද, දුග්ගති, විනිපාත යී පසෙක් ද මින්තාමච්ච සූත්ර දෙකෙක් ද දේවචාරිකා සූත්ර තුනෙක් ද කියන ලදහ (මුළුල්ල දශයෙකි).