10. 1. 3.
සුද්ධික සූත්රය
3751. සැවැත්නුවර:
මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.
10. 1. 4.
ඵල සූත්රය
3752. මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියී හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ඵල දෙකින් එක්තරා ඵලයන් කැමති විය යුතු. දිටුදැමියෙහි ම රහත් බව හෝ උපාදාන ශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
10. 1. 5.
දුතිය ඵල සූත්රය
3753. මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය කෙසේ වඩන ලද්දී කෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි සත් පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතුහ.
කවර සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නොලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නො ලබා නම් ඉදින් මරණසමයෙහි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපහච්චපරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි මේ සත්පලයෝ මේ සත් අනුසස්හු කැමති විය යුතුහ යි.