1. 8. 4.
අත්ත සූත්රය
80. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ චිත්තසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමක් මම නො ම දකිමි. මහණෙනි, සිත්සපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 8. 5.
දිට්ඨි සූත්රය
81. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ ඤාණසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නොම දකිමි. මහණෙනි, නැණසපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 8. 6.
අප්පමාද සූත්රය
82. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ අප්රමාදසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අප්රමාදසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යි.
1. 8. 7.
යෝනිසෝ සූත්රය
83. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ යෝනිසෝමනසිකාරසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 8. 8.
දුතිය කල්යාණමිත්ත සූත්රය
84. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මේ කල්යාණ මිත්රත්වය යම් බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි රාගවිනයාගේ පර්ය්යාවසානය කොට ද්වෙෂවිනයාගේ පර්ය්යාවසානය කොට මෝහවිනයාගේ පර්ය්යාවසානය කොට සම්යග්දෘෂ්ටිය වඩයි … සම්යග්සමාධිය වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යි.