1. 8. 14.
දුතිය යෝනිසෝ සූත්‍රය
90. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ යෝනිසෝමනසිකාරසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ රාගවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට ද්වෙෂවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට මෝහවිනවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
දුතිය ඒකධම්ම පෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය:
කල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍ර යුගල සයෙකි. යෝනිසෝ සූත්‍රයුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.
9. ගඞ්ගාපෙය්‍යාලය
1. 9. 1.
පාචීනනින්න සූත්‍රය
91. සැවැත්නුවර:
මහණෙනි යම්සේ ගංඟා නම් ගඟ පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගයට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගයට නැඹුරු වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මහණ මෙසේ අරිඅටමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ වේ යයි.
1. 9. 2.
දුතිය පාචීනනින්න සූත්‍රය
92. මහණෙනි, යම් සේ යමුනා ගඟ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 3.
තතිය පාචීනනින්න සූත්‍රය
93. මහණෙනි, යම් සේ අචිරවතී ගඟ පැදුම් දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා, පැදුම් දිගට බර වූවා වේ ද, මහණෙනි එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 4.
චතුත්‍ථ පාචීනනින්න සූත්‍රය
94. මහණෙනි, යම් සේ සරභූ ගඟ පැදුම් දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.