1. 6. 2.
සීල සූත්රය
50. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද උදා වන හිරුට මේ පූර්වඞ්ගම වෙයි. මේ පූර්වනිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් සීලසම්පදාව (සිවු පිරිසිදු සීලය) ක් වේ ද, මහණහට අරිඅටඟිමඟ ඉපදීමට මෙය පූර්වඞ්ගම වෙයි, මේ පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය සීලසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, සීලසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙ සස්නෙහි මහණ විවේකනිඃශ්රිත වූ විරාගනිඃශ්රිත වූ නිරෝධනිංශ්රිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිඃශ්රිත වූ විරාගනිඃශ්රිත වූ නිරෝධනිඃශ්රිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, සීලසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 6. 3.
ඡන්ද සූත්රය
51. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මේ පූර්වඞ්ගම වෙයි. මේ පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කත්තුකම්යතාකුසලච්ඡන්දයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මෙය මේ පූර්වඞ්ගම ය, මේ පූර්ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 4.
අත්ත සූත්රය
52. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්වඞ්ගම වෙයි, මෙ පූර්ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් චිත්තසමෘද්ධත්වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්වඞ්ගම ය, මේ පූර්ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 5.
දිට්ඨි සූත්රය
53. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්වඞ්ගම වෙයි, මෙ පූර්ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් ඥාණසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්වඞ්ගම ය, මේ පූර්ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 6.
අප්පමාද සූත්රය
54. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්වඞ්ගම වෙයි, මේ පූර්ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් අප්රමාදසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්වඞ්ගම ය, මේ පූර්ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 7.
යෝනිසෝ සූත්රය
55. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝ මනසිකාරසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අරිඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මේ නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.