1. 6. 3.
ඡන්ද සූත්රය
51. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මේ පූර්වඞ්ගම වෙයි. මේ පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කත්තුකම්යතාකුසලච්ඡන්දයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මෙය මේ පූර්වඞ්ගම ය, මේ පූර්ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 4.
අත්ත සූත්රය
52. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්වඞ්ගම වෙයි, මෙ පූර්ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් චිත්තසමෘද්ධත්වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්වඞ්ගම ය, මේ පූර්ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 5.
දිට්ඨි සූත්රය
53. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්වඞ්ගම වෙයි, මෙ පූර්ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් ඥාණසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්වඞ්ගම ය, මේ පූර්ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 6.
අප්පමාද සූත්රය
54. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්වඞ්ගම වෙයි, මේ පූර්ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් අප්රමාදසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්වඞ්ගම ය, මේ පූර්ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
1. 6. 7.
යෝනිසෝ සූත්රය
55. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝ මනසිකාරසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අරිඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මේ නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
1. 6. 8.
දුතිය කල්යාණමිත්ත සූත්රය
56. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කල්යාණමිත්රත්වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්යාණමිත්ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්යාණමිත්ර මහණ කෙසේ නම් අරිඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්, මහණෙනි, මෙහි මහණ රාගවිනයෙහි පර්ය්යවසාන වූ ද්වේශවිනයෙහි පර්ය්යවසාන වූ මෝහවිනයෙහි පර්ය්යවසාන වූ සම්යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනයෙහි පර්ය්යවසාන වූ ද්වේෂවිනයෙහි පර්ය්යවසාන වූ මෝහවිනයෙහි පර්ය්යවසාන වූ සම්යක්සමාධිය වඩයි. මහණෙනි, කල්යාණමිත්ර මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 6. 9.
දුතිය සීල සූත්රය
57. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් සිවුපිරිසිදු සීලයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතුයි. … බහුල කෙරේ යි. (විතර කට යුතු යි.)
1. 6. 10.
දුතිය ඡන්ද සූත්රය
58. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින්ම යම් කතතුකම්යතාකුසලච්ඡන්දයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, ඡන්දසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි … බහුල කෙරේ යි.
1. 6. 11.
දුතිය අත්ත සූත්රය
59. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් චිත්තසමෘද්ධත්වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මෙය පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි … බහුල කෙරේ යි.