1. 14. 9-12.
නාග සූත්‍ර
187-190. මහණෙනි යම්සේ හිමවත් පර්‍වතරාජයා නිසා නාගයෝ කය වඩද්ද, බල ගනිද්ද, ඔහු එහි කය වඩා බල ගෙන කුඩා හෙබ්වලට බසිත්. කුඩා හෙබ්වලට බැස මහහෙබ්වලට බසිත්. මහහෙබ්වලට බැස කුඩාගඩ්ගාවලට බසිත්. කුඩාගඩ්ගාවලට බැස මහාගඩ්ගාවලට බසිත්. මහාගඩ්ගාවලට බැස මහමුහුදුසයුරට බසිත්. ඔහු එහි කයින් මහත්‍වයට විපුලත්‍වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ, අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්‍වයට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්‍වයට විපුලත්‍වයට පැමිණේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්‍වයට විපුලත්‍වයට පැමිණේ යයි.
1. 14. 13-16.
රුක්ඛ සූත්‍ර
191-194. මහණෙනි, යම්සේ රුකෙක් පැදුන්දිගට නැමුණේ පැදුන්දිගට නැඹුරු වූයේ පැදුන්දිගට බරවූයේ වේද, එය මුල සිඳින ලද්දේ කවර ප්‍රපාතයකට වැටෙන්නේ දැ යි. වහන්ස, යම්දිගකට නැමුණේ යම්දිගකට නැඹුරු වූයේ යම් දිගකට බර වූයේ නම් (එදිගට) ය. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධනිස්සිතවූ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරුවූයේ නිවනට බරවූයේ වේ යයි.
1. 14. 17-20.
කුම්භ සූත්‍ර
195-198. මහණෙනි, යම්සේ කළය යටිහුරු වූයේ දිය වගුරුවන්නේ, මැ වේ, නො ම පෙරළා ගනී ද මහණෙනි, එසෙයින් ම මහණ අරිඅටඟිමග වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරනුයේ නො ම පෙරළා ගනී. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ, අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරනුයේ නො ම පෙරළා ගනී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරා ම ය නොම පෙරළා ගනී යි.
1. 14. 21-24.
සූඛ සූත්‍ර
199-202. මහණෙනි, යම්සේ හැල්නණ්ඩුවක් හෝ යවනණ්ඩුවක් හෝ මැනැවින් තබන ලද්දේ අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මේ කරුණ ඇද්ද, ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටු වන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය මැනවින් පිහිටුවන ලද බැවිනි. මහණෙනි, කෙසේ නම් මහණ මැනැවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳී ද, විද්‍යාව උපදවා ද, නිවන පසක් කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටුවන ලද මාර්‍ග භාවනායෙන් අවිද්‍යාව බිඳියි විද්‍යාව උපදවයි නිවන පසක් කෙරේ යයි.
1. 14. 25-28.
ආකාස සූත්‍ර
203-206. මහණෙනි, යම්සේ අහසෙහි විවිධවාතයෝ හමද්ද පෙරදිගිනුදු වාතය හමයි, පෑළදිගිනුදු වාතය හමයි. උතුරු දිගිනුදු වාතය හමයි, දකුණු දිගිනුදු වාතය හමයි. රජස් සහිත වාතය ද හමයි, රජස් රහිත වාතය ද හමයි, සිහිල් වාතය ද හමයි. උණුසුම් වාතය ද හමයි, මද වූ වාතය ද හමයි, බොහෝ වූ වාතය ද හමයි.