1. 14. 45-48.
නදී සූත්ර
223-226. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, ඉදින් මහා ජනසමූහයෙක් උදලුපැහි රැගෙන අපි මේ ගඞ්ගානදිය පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නෙමු යි එන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, ඒ මහාජනසමූහයා ඒ ගඞ්ගානදිය පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නේ ද? වහන්ස, එය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: වහන්ස, ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා ය. ඒ ගඟ පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නට පහසු නො වෙයි. ඒ මහජනසමූහයා හුදෙක් විඩාවට පෙළීමට භාජන වන්නේ යයි.
මහණෙනි, එසෙයින්ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහු රජවරු හෝ රජමහඇමතියෝ හෝ මිතුරෝ හෝ සහචරයෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ එම්බල පුරුෂය, “එව මේ කහවත් කුමකට තා විසින් හඳිනු (දරනු) ලැබේද? කීම මුඬු වැ කබලෙකින් යුක්ත ව හැසිරෙහි ද? එව ගිහිබවට පෙරළී භෝගයන් ද අනුභව කරව පින් ද කරව”යි භෝගයෙන් එළවා පවරන්නාහු නම් මහණෙනි, අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන ඒ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්ෂා ප්රතික්ෂේප කොට ගිහිබවට පෙරළෙන්නේ ය යන මෙකරුණ නැත්තේ ය. ඊට හේතු කීම? මහණෙනි, යම් හෙයෙකින් ඒ සිත බොහෝ කලක් විවේකයට නැමුණේ විවේකයට නැඹුරු වූයේ විවේකයට බර වූයේ වේ නම් ඒ සිත ඒකාන්තයෙන් ලාමකබවට පෙරළෙන්නේ ය යන මෙකරුණ නැත්තේ ම ය. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
(බලසූත්ර මෙන් සියලු සූත්ර විස්තර කටයුතු යි.)
තුදුස්වැනි බලකරණීයවර්ගය යි.
එහි සූත්ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූඛ, ආකාස යී චතුෂ්ක සතෙකි. මේඝසූත්ර චතුෂ්ක දෙකෙකි. නාවා ආගන්තුක නදී යි චතුෂ්ක තුනෙකි. (සූත්ර මුළුල්ල අටසාළිසකි).