1. 14. 4.
චතුත්ථබල සූත්රය
182. මහණෙනි, යම් සේ යම් කිසි බලකරණීය කර්මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරිඅටඟිමග බහුල කෙරේ යයි.
1. 14. 5-8.
බීජ සූත්ර
183-186. මහණෙනි, යම්සේ යම් කිසි ඇටවර්ග පැලවර්ගයෝ වැඩීමට ස්ථීරත්වයට විපුලත්වයට පැමිණෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ ඇටවර්ග පැලවර්ගයෝ වැඩීමට ස්ථීරත්වයට විපුලත්වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරි අටඟි මග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්වයට විපුලත්වයට පැමිණේ. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්වයට විපුලත්වයට පැමිණේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්වයට විපුලත්වයට පැමිණේ යයි.
1. 14. 9-12.
නාග සූත්ර
187-190. මහණෙනි යම්සේ හිමවත් පර්වතරාජයා නිසා නාගයෝ කය වඩද්ද, බල ගනිද්ද, ඔහු එහි කය වඩා බල ගෙන කුඩා හෙබ්වලට බසිත්. කුඩා හෙබ්වලට බැස මහහෙබ්වලට බසිත්. මහහෙබ්වලට බැස කුඩාගඩ්ගාවලට බසිත්. කුඩාගඩ්ගාවලට බැස මහාගඩ්ගාවලට බසිත්. මහාගඩ්ගාවලට බැස මහමුහුදුසයුරට බසිත්. ඔහු එහි කයින් මහත්වයට විපුලත්වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ, අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්වයට විපුලත්වයට පැමිණෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්වයට විපුලත්වයට පැමිණේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්වයට විපුලත්වයට පැමිණේ යයි.
1. 14. 13-16.
රුක්ඛ සූත්ර
191-194. මහණෙනි, යම්සේ රුකෙක් පැදුන්දිගට නැමුණේ පැදුන්දිගට නැඹුරු වූයේ පැදුන්දිගට බරවූයේ වේද, එය මුල සිඳින ලද්දේ කවර ප්රපාතයකට වැටෙන්නේ දැ යි. වහන්ස, යම්දිගකට නැමුණේ යම්දිගකට නැඹුරු වූයේ යම් දිගකට බර වූයේ නම් (එදිගට) ය. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධනිස්සිතවූ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරුවූයේ නිවනට බරවූයේ වේ යයි.