1. 1. 2.
උපඩ්ඪ සූත්රය
2. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය දනව්වේ නාගරක නම් ශාක්යයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට සැලකළහ. වහන්ස, යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කළණයන් කෙරෙහි නැමෙන සුළු බවෙක් වේ ද මෙය බඹසර පිළිබඳ සම අඩෙකැ යි. ආනන්දය, එසේ නො කිය, ආනන්දය, එසේ නො කිය, ආනන්දය යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කළණයන් කෙරෙහි නැමෙනසුළු බවෙක් වේද, මෙය මුළුබඹසර යි. ආනන්දය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කළණයන් කෙරෙහි නැමෙන සුළු මහණ අරිඅටඟිමග වඩන්නේය. අරිඅටඟිමග බහුල කරන්නේ යන මෙය කැමති විය යුතුය.
ආනන්දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩාද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ආනන්දය, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට, නිවනට නැමෙනසුලුකොට සම්යග්දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට නිවනට නැමෙනසුලුකොට සම්යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්යග්වචනය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්යග්ආජීවය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්යග්වය්යයාමය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්යක්මාධිය වඩයි. ආනන්දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ මෙසේ අරිඅටඟිමග වඩයි. අරිඅටඟිමග බහුල කෙරෙයි.
ආනන්දය, යම් කලණ මිතුරන් ඇති බවෙක් කලණ යහළුවන් ඇතිබවෙක්, කලණයන් කෙරෙහි නැමෙනසුලු බවෙක් වේද, මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනු දු දතයුතු: ආනන්දය, කලණ මිත් වූ මා කරාම පැමිණ උපත ස්වභාව කොට ඇති සත්වයෝ උපතින් මිදෙත්, ජරාව ස්වභාව කොට ඇති සත්වයෝ ජරායෙන් මිදෙත්,
මරණය ස්වභාව කොට ඇති සත්වයෝ මරණයෙන් මිදෙත්, ශෝකය පරිදේවය දුක දොම්නස දැඩි ආයාසය යන මෙයින් මිදෙත්. ආනන්දය, යම් කලණ මිතුරන් ඇති බවෙක් කලණ යහළුවන් ඇති බවෙක්, කලණයන් කෙරෙහි නැමෙනසුලු බවෙක් වේද, මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනු දු දතයුතු යි.
1. 1. 3.
සාරිපුත්ත සූත්රය
3. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, යම් කල්යාණමිත්රත්වයෙක් කල්යාණසහායත්වයෙක් කල්යාණසම්ප්රවඞ්කත්වයෙක් වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්රය, මැනවි මැනවි. ශාරිපුත්රය, යම් කල්යාණමිත්රත්වයෙක් කල්යාණසහායත්වයෙක් කල්යාණසම්ප්රවඞ්කත්වයෙක් වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්රය, අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණහු විසින් කැමති වියයුතු යි.
ශාරිපුත්රය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩා ද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ශාරිපුත්රය, මෙසස්නෙහි මහණ විවේකනිශ්රිත කොට විරාගනිශ්රිත කොට නිරෝධනිශ්රිත කොට ව්යවසර්ගපරිනාම කොට සම්යග්දෘෂ්ටිය වඩයි. ... සම්යක්සඞ්කල්පය වඩයි ... සම්යග්වචනය වඩයි ... සම්යක්කර්මාන්තය වඩයි ... සම්යගාජීවය වඩයි ... සම්යග්ව්යායාමය වඩයි ... සම්යක්ස්මෘතිය වඩයි ... විවේකනිශ්රිත කොට නිරෝධනිශ්රිත කොට ව්යවසර්ගපරිනාම කොට සම්යක්සමාධිය වඩයි. ශාරිපුත්රය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණ මෙසේ අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය.
ශාරිපුත්රය, යම් කල්යාණමිත්රත්වයෙක් කල්යාණසහායත්වයෙක් කල්යාණසම්ප්රවඞ්කත්වයෙක් වේ ද, මෙය යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනදු දතයුතු: එසේ මැ ය, ශාරිපුත්රය, කල්යාණමිත්ර වූ මා කරා පැමිණ ජාතිධර්මසත්ත්වයෝ ජාතියෙන් මිදෙත්. ජරාධර්මසත්ත්වයෝ ජරායෙන් මිදෙත්. මරණධර්මයසත්ත්වයෝ මරණයෙන් මිදෙත්. ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්යෙපායාසධර්ම සත්ත්වයෝ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්යෙපායාසයෙන් මිදෙත්. ශාරිපුත්රය, යම් කල්යාණමිත්රත්වයෙක් කල්යාණසහායත්වයෙක් කල්යාණසම්ප්රවඞ්කත්වයෙක් වේ ද මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනදු දතයුතු යි.