6. 1. 5.
ආකාසානඤ්චායතන සූත්රය
352. ආකාසානඤ්චායතනය ආකාසානඤ්චායතනය යි කියනු ලැබේ. ආකාසානඤ්චායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට එළඹ වෙසේ නම් මෙය ආකාසානඤ්චායතනය යි කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට රූ සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, ආකාසානඤ්චායතනය නො වරදව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත මැනවින් තබව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත එකඟ කරව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
6. 1. 6.
විඤ්ඤාණඤ්චායතන සූත්රය
353. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය යි කියනු ලැබේ. විඤ්ඤාණඤ්චායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණඤ්චායතනට පැමිණ වෙසේ නම් මෙය විඤ්ඤාණඤ්චායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණ්ඤ්චායතනට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ආකාසානඤ්චායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, විඤ්ඤාණඤ්චායතනය නො වරදව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත මැනවින් තබව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත එකඟ කරව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණ්ඤ්චායතනට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
6. 1. 7.
ආකිඤ්චඤ්ඤායතන සූත්රය
354. ආකිඤ්චඤ්ඤායතනය ආකිඤ්චඤ්ඤායතනය යි කියනු ලැබේ. ආකිඤ්චඤ්ඤායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේ නම් මෙය ආකිඤ්චඤ්ඤායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට විඤ්ඤාණඤ්චායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, ආකිඤ්චඤ්ඤායතනය නහමක් වරදව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත මැනවින් තබව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
6. 1. 8.
නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්රය
355. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි කියනු ලැබේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේ නම් මෙය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ආකිඤ්චඤ්ඤායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නහමක් වරදව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත මැනවින් තබව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසුකාලයෙහි සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.