6. 1. 18-25.
නන්දන සූත්ර
365-372 එකල්හි නන්දන දෙව්පුත් තෙමේ ... ස්ප්රෂ්ටව්යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 26-33.
සුයාම සූත්ර
373-380 එකල්හි සුයාම දෙව්පුත් තෙමේ ... ස්ප්රෂ්ටව්යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 34-41.
සන්තුසිත සූත්ර
381-388 එකල්හි සන්තුසිත දෙව්පුත් තෙමේ ... ස්ප්රෂ්ටව්යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 42-49.
සුනිම්මිත සූත්ර
389-396 එකල්හි සුනිම්මිත දෙව්පුත් තෙමේ ... ස්ප්රෂ්ටව්යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 50-57.
වසවත්ති සූත්ර
397-404 එකල්හි වසවත්ති දෙව්පුත් තෙමේ ... ස්ප්රෂ්ටව්යයෙන් ද (යටපත් කෙරෙති යි)
(සක්ක සූත්ර යම්සේ නම් මේ සූත්රාන්ත ද එසේ විස්තර කට යුතුයි.)
පළමු මොග්ගල්ලාන වර්ගය යි.
එහි සූත්ර නාමාවලිය:
සවිතක්ක, අවිතක්ක, සුඛ, උපෙක්ඛා, ආකාසානඤ්චායතන, විඤ්ඤාණ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන, අනිමිත්ත ය යි සූත්ර නවයෙක් ද සක්ක, නන්දන, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවත්ති යන සයෙහි සූත්ර අට අට බැගින් ද වෙති යි වර්ගයෙහි ඒ සූත්ර මුළුල්ල සත් පනසෙක් වේ යි.
මොග්ගල්ලාන සංයුත්තය නිමි.
7. චිත්ත සංයුත්තය
1. චිත්ත වර්ගය
7. 1. 1.
සංයෝජන සූත්රය
405. එක් කලෙක බොහෝ ස්ථවිර භික්ෂූහු මච්ඡිකාසණ්ඩ වන ලැහැබෙහි අම්බාටක වනයෙහි වැඩ වෙසෙති. එකල්හි පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩල මාලයේ (රැස්වීම් හලෙ) හි රැස් ව වැඩහුන් ස්ථවිර භික්ෂූන් අතර මේ අතුරු කථාව පහළ විය: ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්ත්ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්යඤ්ජන ඇත්තාහු ද? නැතහොත් එක ම අර්ත්ථ ඇත්තාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු දැ? යි.
එහි ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්ත්ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලද්දේ වෙයි. ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්ත්ථ ඇත්තාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලද්දේ වෙයි.
එසමයෙහි චිත්ත ගැහැවි කිසියම් කටයුත්තක් නිමිති කොට මිගපථක ගමට පැමිණියේ වෙයි. චිත්ත ගැහැවි පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව වැඩහුන් ස්ථවිර භික්ෂූන් අතර “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්ත්ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්යඤ්ජන ඇත්තාහු ද වෙද්ද, නැතහොත් එක ම අර්ත්ථ ඇත්තාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි. මේ අතුරු කථාව පහළ වී ය” යි ද එහි ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්ත්ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්ත්ථ ඇත්තාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇසුයේ ම ය. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්ෂූන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්ෂූන්ට මෙය කී ය: