6. 1. 11.
දුතිය සක්ක සූත්රය
358. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග ... සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්ව සිටි සක් දෙව් රජුට ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්ද, දහම් සරණ යෑම මැනවි ... දේවානමින්ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
6. 1. 12.
තතිය සක්ක සූත්රය
359. ඉක්බිති සක්දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්ද, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු අර්හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝක විදූහ, අනුත්තර පුරිසදම්මසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්ද, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.
දේවානමින්ද, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛාත ය, සාංදෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. දේවානමින්ද, මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.
දේවානමින්ද, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සඞ්ඝ තෙමේ සුප්රතිපන්න ය, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සඞ්ඝ තෙමේ ඍජුප්රතිපන්න ය, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සඞ්ඝ තෙමේ ඤායප්රතිපන්න ය, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සඞ්ඝ තෙමේ සාමීචිප්රතිපන්න ය, යම් මේ පුරුෂ යුගල සතරෙක් වේ නම් (එහි) පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්යහ ය, පාහුනෙය්යහ ය, දක්ෂිණාර්හ ය, අඤ්ජලිකරණීයහ ය, ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්ර ය යි. දේවානමින්ද, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.
දේවානමින්ද, නො කඩ වූ නො සිදුරු වූ නො කැලැල් වූ නො කබර වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද, තෘෂ්ණා දෘෂ්ටීන් නො පහස්නා ලද සමාධිය පිණිස පවත්නා ආර්ය්යකාන්ත (ආර්ය්යයන් විසින් කැමති වන ලද) ශීලයෙන් යුතු වීම මැනවි. දේවානමින්ද, මෙසේ ආර්ය්යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛාත ය ... නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සඞ්ඝ තෙමේ සුප්රතිපන්න ය ... ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්ය්යයන් විසින් කැමති වන ලද ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්ය්යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්ය්යයන් විසින් කැමති වන ලද ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්ය්යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.