3. 1. 8.
ඉස්සුකී සූත්‍රය
287. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, ඊෂ්‍යර්‍ා සහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 9.
මච්ඡරී සූත්‍රය
288. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, මසුරු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 10.
අතිචාරී සූත්‍රය
289. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, (සැමියා) ඉක්මවා හැසිරෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ දහම් පසින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 11.
දුස්සීල සූත්‍රය
290. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, දුසිල් වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
3. 1. 12.
අප්පස්සුත සූත්‍රය
291. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, ඇසූ පිරූ තැන් රහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
3. 1. 13.
කුසීත සූත්‍රය
292. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, මැලි වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.