3. 1. 5.
අනුරුද්ධ සූත්රය
284. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ:
වහන්ස, මෙහි මම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙන මාගමක මිනිසැස ඉක්මවා පැවති පිරිසිදු දිවැසින් දකිමි. වහන්ස, කෙතෙක් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ දැ?යි.
අනුරුද්ධ, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, කිපෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. අනුරුද්ධ, මේ දහම් පසින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 6.
කොධන සූත්රය
285. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, කිපෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 7.
උපනාහී සූත්රය
286. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, බද්ධවෛර සහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 8.
ඉස්සුකී සූත්රය
287. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, ඊෂ්යර්ා සහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 9.
මච්ඡරී සූත්රය
288. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, මසුරු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.