3. 1. 11.
දුස්සීල සූත්රය
290. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, දුසිල් වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
3. 1. 12.
අප්පස්සුත සූත්රය
291. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, ඇසූ පිරූ තැන් රහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
3. 1. 13.
කුසීත සූත්රය
292. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, මැලි වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
3. 1. 14.
මුට්ඨස්සති සූත්රය
293. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි. ලජ්ජා රහිත වෙයි. බිය රහිත වෙයි. මුළාසිහි ඇති වෙයි. නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
3. 1. 15.
පඤ්චවේර සූත්රය
294. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: පණිවායෙන් යුක්ත වෙයි. අයිනාදනින් යුක්ත වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නී වෙයි. මුසා බණන්නී වෙයි. රහමෙර පානය කරන්නී වෙයි. මහණෙනි, මේ පස් දහමෙන් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණේ යි.
පළමුවැනි මාතුගාමවර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
මාතුගාම, පුරිස, ආවේණික, තීහිධම්මේහි, කොධන, උපනාහී, ඉස්සුකී, මච්ඡරී, අතිචාරී, අනුරුද්ධ, දුස්සීල, අප්පස්සුත, කුසීත, මුට්ඨස්සති, පඤ්චවේර ය යි සූත්ර පසළොසකි.