භවත් කච්චානයෙනි, පැවිදි වූ ඔබට කෙතෙක් කල් දැ යි? ඇවැත්නි, වැඩි කලෙක් නැත. තෙවසෙකැ යි. ඇවැත්නි, මෙතෙක් (සුළු) කලෙකින් යමෙකුගේ දේශනාව මෙය වන්නේ නම් මෙපමණක් වූ ම ඒ ද ලොකු දේශනාවක් වන්නේ ය. ඉතා මනාප දේශනායෙහි ලා කතාවෙක් ම නැතැ”යි.
පළමු වැනි අබ්‍යාකත වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඛේමා, අනුරාධ, උපගත, සමුදය, පේම, ආරාම, ආයතන, ඛන්‍ධ, කුතූහලසාලා, අත්‍ථත්ත, සභිය සූත්‍ර යයි එකොළොසෙකි.
අබ්‍යාකත සංයුත්තය නිමි.
සළායතන වර්‍ගයෙහි සංයුත්ත නාමාවලිය:
සළායතන, වේදනා, මාතුගාම, ජම්බුඛාදක, සාමණ්ඩ, මොග්ගල්ලාන, චිත්ත, ගාමණී, අසඞ්ඛත, අබ්‍යාකත සංයුත්ත යයි සංයුත්ත දසයෙකි.
දසබල සෙලින් හටගත් නිවන් මහසමුදුර කෙළවර කොට ඇති අටැඟිමඟ සිලිල ඇති බුදුවදන් ගඟ දිගු කලක් මුළුල්ලෙහි ගලා බසීවා යි.
සළායතන වර්‍ගය නිමි.