1. 9. 10.
දුතිය ද්වය සූත්රය
93. මහණෙනි, (හේතු ය - ප්රත්යය යන ධර්ම) දෙකක් නිසා විඤ්ඤාණය හටගනී. මහණෙනි, කෙසේ නම් දෙකක් නිසා විඤ්ඤාණය හටගනී ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඇස අනිසය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. රූ අනිසයහ. පෙරළෙන සුල්ලහ. වෙනස් වනසුල්ලහ. මෙසේ මේ දෙක සැලෙන්නේත් වැය වන්නේත් වෙයි. අනිසය පෙරළෙන සුලුය වෙනස් වනසුලු ය. ඇස් විනැණ අනිසය. පෙරලෙනසුලුය. වෙනස් වනසුලුය. ඇස්විනැණ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් අනිස ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලුය. මහණෙනි, අනිත්ය වූ ප්රත්ය ය නිසා හටගත් චක්ඛුවිඤ්ඤාණය කොයින් නිත්ය වන්නේ ද.
මහණෙනි, මේ තුන් දහමුන්ගේ යම් එක්වීමෙක් රැස්වීමෙක් සමාගමයෙක් වේ නම් මහණෙනි මේ චක්ඛුසම්ඵස්ස යයි කියනු ලැබේ. චක්ඛුසම්ඵස්සය ද අනිත්ය ය. පෙරලෙනසුලුය. වෙනස් වන සුලුය. චක්ඛුසම්ඵස්සයාගේ ඉපදීමට යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්ය වූ ප්රත්යය නිසා උපන් චක්ඛුසම්ඵස්සය කොයින් නිත්ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳි යි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් වැය වන්නෝත් වෙති. අනිත්යයහ. පෙරළෙන සුල්ලහ. වෙනස් වනසුල්ලහ.
කනත් ශබ්දයනුත් නිසා සෝතවිඤ්ඤාණය උපදියි ... නැහැයත් ගඳත් නිසා ඝානවිඤ්ඤාණය උපදියි ... දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදි යි ... දිව අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. රස අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මෙසේ මේ දෙක සැලෙන්නෙත් වැය වන්නේත් වේ, අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. ජිව්හාවිඤ්ඤාණය අනිත්යය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. ජිව්හාවිඤ්ඤාණයේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් අනිත්ය ය, පෙරලෙනසුලු ය. වෙනස් වනසුලුය. මහණෙනි, අනිත්ය වූ ප්රත්යය නිසා උපන් ජිව්හාවිඤ්ඤාණය කොයින් නිත්ය වන්නේ ද.
මහණෙනි, මේ තුන්දහමුන්ගේ යම් එක්වීමෙක් රැස් වීමෙක් සමාගමයෙක් වේ නම්, මහණෙනි මේ ජිව්හාසම්ඵස්ස යයි කියනු ලැබේ. ජිව්හාසම්ඵස්සය ද අනිත්ය ය. පෙරලෙනසුලුය. වෙනස් වන සුලුය. ජිව්හාසම්ඵස්සයාගේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්ය වූ ප්රත්යය නිසා උපන් ජිව්හාසම්ඵස්සය කොයින් නිත්ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳියි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් වැය වන්නෝත් වෙති. අනිත්යයහ. පෙරලෙනසුල්ලහ. වෙනස් වනසුල්ලහ.
කයත් පහසත් නිසා කායවිඤ්ඤාණය උපදී ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. සිත අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. දහම් අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මෙසේ මේ දෙක සැලෙන්නෙත් නැසෙන්නේත් වෙයි. අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මනෝවිඤ්ඤාණය අනිතය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මනෝවිඤ්ඤාණයේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්ය වූ ප්රත්යය නිසා උපන් මනෝවිඤ්ඤාණය කොයින් නිත්ය වන්නේ ද.
මහණෙනි, මේ තුන් දහමුන්ගේ යම් එක්වීමෙක් රැස්වීමෙක් සමාගමයෙක් වේ නම්, මහණෙනි මේ මනෝසම්ඵස්ස යයි කියනු ලැබේ. මනෝසම්ඵස්සය ද අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වන සුලු ය.
මනෝසම්ඵස්සයේ ඉපැද්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්රත්යය වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්ය වූ ප්රත්යය නිසා උපන් මනෝසම්ඵස්සය කොයින් නිත්ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳියි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් නැසෙන්නෝත් වෙති. අනිත්යයහ. පෙරලෙනසුල්ලහ. වෙනස් වනසුල්ලහ. මහණෙනි, මෙසේ දෙකක් නිසා විඤ්ඤාණය හටගනී යි.
නවවැනි ඡන්න වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
පලෝක, සුඤ්ඤ, සඞ්ඛිත්ත, ඡන්න, පුණ්ණ, බාහිය යන සූත්ර සයෙක් ද එජා නමින් දෙකෙක් ද, ද්වය නමින් අනෙක් දෙකෙක් දැ යි සූත්ර දශයෙක් වදාරන ලදී.