1. 7. 11.
තතිය ඡඵස්සායතන සූත්රය
73. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් අත්ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී ද, ඔහු විසින් බඹසර නො වසන ලදි. හේ මෙසස්නෙන් බැහැරැ වූයේ ම වෙයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළ් ය: වහන්ස, “මෙහි ලා මම දැඩි සේ නටුයෙම් වෙමි. වහන්ස, මම සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් අත්ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිමි” යි.
මහණ, ඒ කිමැයි හඟිහි ද? ඇස නිත්ය වේ ද? නො හොත් අනිත්ය වේ ද? වහන්ස, අනිත්ය ය. යමක් අනිතය නම් එය දුක් වේ ද? නොහොත් සුව වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට නිසි වේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. ...
දිව නිත්ය වේ ද? නොහොත් අනිත්ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්ය ය ... සිත නිත්ය වේ ද? නොහොත් අනිත්ය වේ දැ යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිතය නම් එය දුක් වේ ද? නොහොත් සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දක්නට නිසි වේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
මහණ, මෙසේ දක්නාසුලු ශ්රැතවත් ආර්ය්යශ්රාවක ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහි දු කලකිරෙයි සිතෙහි දු කලකිරෙයි.
කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. රහත් බව පිණිස කළ යුතු දෑ කරන ලදි. මේ (රහත්) බව පිණිස (කළයුතු) අනෙකක් නැතැ යි දැනගනී යි.
සත්වැනි මිගජාලවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
මිගජාල නමින් දෙකෙක් ද සමිද්ධි නමින් සතරෙක් ද උපසේන උපවාණ යයි දෙකෙක් ද ඵස්සායතනික සූත්ර තුනෙක් ද කියන ලදහ.