1. 6. 9.
සබ්බුපාදානපරියාදාන සූත්රය
61. මහණෙනි, සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශ යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි වේදනායෙහිත් කලකිරෙයි. කලිකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්ෂය කරන ලදැ යි දැනගනි.
දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශ යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්ෂය කරන ලදැ යි දැනගනී.
සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශ යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ සිතෙහිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලිකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්ෂය කරන ලදැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය යි.
1. 6. 10.
දුතියසබ්බුපාදානපරියාදාන සූත්රය
62. සැවැත්නුවර–
මහණෙනි, සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය කවරේ ද යත්:
මහණෙනි, ඒ කිමැයි හඟිහු ද? ඇස නිත්ය ද නොහොත් අනිත්ය දැ? යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් වෙයි. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ ය, තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය” යි. දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.
රූප නිත්ය හෝ අනිත්ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්ය ය. චක්ඛුවිඤ්ඤාණය ... චක්ඛුසම්ඵස්සය … චක්ඛුසම්ඵස්සය නිසා යම් වේදනායෙක් උපදී නම් එ ද … සෝතය … සද්දය … සෝතවිඤ්ඤාණය … සෝතසම්ඵස්සය … සෝතසම්ඵස්සය නිසා යම් වේදනාවක් උපදී නම් එ ද .... ඝානය … ගන්ධය ... ඝාණවිඤ්ඤාණය ... ඝානසම්ඵස්සය … ඝානසම්ඵස්සය නිසා යම් වේදනාවෙක් උපදී නම් එ ද ... කායය ... ඵොට්ඨබ්බය … කායවිඤ්ඤාණය … කායසම්ඵස්සය … කායසම්ඵස්සය නිසා යම් වේදනායෙක් උපදී නම් එ ද ... චිත්තය ... ධම්මය ... මනෝවිඤ්ඤාණය ... මනෝසම්ඵස්සය … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද නිත්ය හෝ අනිත්ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය තෙල මාගේ ය, තෙල මම වෙමි. තෙල මාගේ ආත්මය යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ චක්ඛුයෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි. මිදුණුකල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූ ය. බඹසැර වැස නිමවන ලද සිවුමග කටයුතු කරන ලද, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය යි.
සවැනි අවිජ්ජා වර්ගය යි.
එහි සූත්රනාමාවලිය:
අවිජ්ජා සූත්රය සඤ්ඤෝජනසූත්ර දෙක ය, අනෙක් ආස්රව සූත්ර දෙක ය, අනුසය නමින් කියන ලද සූත්රදෙක ය, පරිඤ්ඤා සූත්රය, පරියාදාන සූත්රදෙකය යි ඔහු දශයෙකි.