1. 6. 8.
සබ්බුපාදානපරිඤ්ඤා සූත්රය
60. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්මය කවරේ ද යත්:
ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශය යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
කනත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශය යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙම කනෙහිත් කලකිරෙයි. ශබ්දයන්හිත් කලකිරෙයි. සෝතවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි සෝතසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදාන පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
නැහැයත් ගඳත් නිසා ඝානවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශය යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ නැහැයෙහිත් කලකිරෙයි. ගඳෙහිත් කලකිරෙයි. ඝානවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ඝානසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැන ගනී.
දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැන ගනී.
කයත් ඵොට්ඨබ්බත් නිසා කායවිඤ්ඤාණ උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශය යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙම කයෙහිත් කලකිරෙයි, ඵොට්ඨබ්බයන්හිත් කලකිරෙයි, කායවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි, කායසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි, මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශය යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ සිතෙහිත් කලකිරෙයි, දහම්හිත් කලකිරෙයි, මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි, මිදීමෙන් මා විසින් උපාදාන පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්මය යි.
1. 6. 9.
සබ්බුපාදානපරියාදාන සූත්රය
61. මහණෙනි, සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශ යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි වේදනායෙහිත් කලකිරෙයි. කලිකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්ෂය කරන ලදැ යි දැනගනි.
දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශ යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්ෂය කරන ලදැ යි දැනගනී.
සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශ යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ සිතෙහිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලිකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්ෂය කරන ලදැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්ෂය කිරීම පිණිස වූ ධර්මය යි.