1. 4. 10.
නිරෝධධම්ම සූත්රය
42. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල නිරුද්ධ වන සුලු ය. මහණෙනි, කවර සියල්ලක් නිරුද්ධවනසුලු ද යත්: මහණෙනි, ඇස නිරුද්ධ වන සුලු ය. රූපයෝ නිරුද්ධ වන සුල්ලහ. චක්ඛුවිඤ්ඤාණය නිරුද්ධ වන සුලු ය. චක්ඛුසම්ඵස්සය නිරුද්ධ වන සුලු ය. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය. කන ...
දිව නිරුද්ධ වන සුලු ය. රස නිරුද්ධ වන සුලු ය. ජිව්හාවිඤ්ඤාණය නිරුද්ධ වන සුලු ය. ජිව්හාසම්ඵස්සය නිරුද්ධ වන සුලු ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය. කය ...
සිත නිරුද්ධ වන සුලු ය. දහම්හු නිරුද්ධ වනසුල්ලහ. මනෝවිඤ්ඤාණය නිරුද්ධ වන සුලුය. මනෝසම්ඵස්සය නිරුද්ධ වන සුලුය. මනෝසම්ඵස්සය නිසා සුවු වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බැවි පිණිස කළයුතු අනෙකක් නැතැ යි දැනගනි යි.
සිව් වැනි ජාතිධම්ම වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
ජාතිධම්ම, ජරාධම්ම ව්යාධිධම්ම මරණධම්ම සෝකධම්ම සංකිලෙසධම්ම සූත්ර ද ඛයධම්ම වයධම්ම සමුදයධම්ම සූත්ර දැ යි ඔහු නිරෝධධම්මසූත්රයෙන් දශයෙක් වේ.
5. සබ්බනිච්ච වර්ගය
1. 5. 1.
අනිච්ච සූත්රය
43. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල අනිත්ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්ය ද යත්: මහණෙනි, ඇස අනිත්ය ය. රූප අනිත්ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්ය ය, චක්ඛුසම්ඵස්සය අනිත්ය ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය. කන ...
දිව අනිත්ය ය. රස අනිත්ය ය. ජිව්හාවිඤ්ඤාණය අනිත්ය ය, ජිව්හාසම්ඵස්සය අනිත්ය ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනිත්ය ය. කය ...
සිත අනිත්ය ය, දහම් අනිත්ය ය, මනෝවිඤ්ඤාණය අනිත්ය ය, මනෝසම්ඵස්සය අනිත්ය ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනිත්ය ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 5. 2.
දුක්ඛ සූත්රය
44. මහණෙනි, සියල්ල දුක් ය ...
1. 5. 3.
අනත්ත සූත්රය
45. මහණෙනි, සියල්ල අනාත්ම ය ...
1. 5. 4.
අභිඤ්ඤෙය්ය සූත්රය
46. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ය ...