1. 3. 3.
දෙවැනි ප්‍රහාණ සූත්‍රය
25. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියල්ල (ස්වලක්‍ෂණාවබෝධයෙන්) වෙසෙසින් දැන (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) පිරිසිඳ දැන ප්‍රහාණය පිණිස දහම් දෙසමි, එය අසව.
මහණෙනි, සියල්ල වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාණයට දහම් කවරේ යත්: මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. රූපයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන ප්‍රහාතව්‍ය යි ...
ජිහ්වාව වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. රසයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. ජිහ්වාවිඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ජිහ්වාසංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ජිහ්වාසංස්පර්‍ශ ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන ප්‍රහාතව්‍ය යි ...
මනස වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ආලම්බන සඞ්ඛ්‍යාත ධර්‍මයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. මනෝ විඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. මනස්සංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය ය. මහණෙනි, මේ සියල්ල අභිජානන කොට පරිජානන කොට ප්‍රහාණයට ධර්‍ම වේ.
1. 3. 4.
අපරිජාන සූත්‍රය
26. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ යැ යත්:
මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. රූපයන් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුර්විඥානය වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ ...
ජිහ්වාව වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. රසයන් … ජිහ්වාවිඥානය … ජිහ්වාසංස්පර්‍ශය … ජිහ්වාසංස්පර්‍ශයෙන් උපදනා සුව වූ හේ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ ...
මනස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. ධර්‍මයන් … මනෝ විඥානය ... මනස්සංස්පර්‍ශය … මනස්සංස්පර්‍ශයප්‍රත්‍යයෙන් උපදනා වූ සුව වු හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ. මහණෙනි, මෙ ‘සියල්ල’ වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ.
තවද මහණෙනි, සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි යත්:
මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. රූපයන් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුර්විඥානය වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි ...