1. 16. 10.
මිච්ඡාදිට්ඨිප්පහාන සූත්රය
165. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ මිසදිටු ප්රහීණ වේ දැ යි.
මනණ, ඇස අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්රහීණ වේ. රූප අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්රහීණ වේ. චක්ෂුර්විඥානය අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්රහීණ වේ. ඇස්පහස අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්රහීණ වේ.
කන අනිස විසින් ... නැහැය ... දිව ... කය ... සිත අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්රහීණ වේ. දහම් අනිස විසින් ... මනෝවිඤ්ඤාණය ... මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්රහීණ වේ. මහණ මෙසේ දක්නහුගේ මිසදිටුව ප්රහීණ වේ ය යි.
1. 16. 11.
සක්කායදිට්ඨිප්පහාන සූත්රය
166. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ දැ? යි.
මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ.
කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ. දහම් දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ. මනෝවිඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ. මනෝසම්ඵස්සය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්රහීණ වේ යි.