1. 15. 3.
දුතිය සප්පාය සූත්රය
148. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇස දුකැ යි දකී. රූ දුකැ යි දකී. චක්ෂුර්විඥානය දුකැ යි දකී. ඇස්පහස දුකැ යි දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී.
කන ... නැහැය ... දිව දුකැ යි දකී, රස දුකැ යි දකී, ජිව්හාවිඤ්ඤාණය දුකැ යි දකී, දිව්පහස දුකැ යි දකී, දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී.
කය ... සිත දුකැ යි දකී. දහම් දුකැ යි දකී. මනවිණැ දුකැ යි දකී, මනපහස දුකැ යි දකී, මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
1. 15. 4.
තතිය සප්පාය සූත්රය
149. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි, එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇස අනාත්මය යයි දකී. රූ අනත් යයි දකී. ඇස්විනැණ අනත් යයි දකී. ඇස්පහස අනත් යයි දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනත් යයි දකී.
කන ... නැහැය ... දිව අනත් යයි දකී. රස අනත් යයි දකී. දිව්විනැණ අනත් යයි දකී. දිව්පහස අනත් යි දකී. දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනත් යයි දකී.
කය ... සිත අනත් යයි දකී. දහම් අනත් යයි දකී. මනවිණැන අනත්ය යි දකී. මනපහස අනත් යයි දකී. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් යයි දකී. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
1. 15. 5.
චතුත්ථ සප්පාය සූත්රය
150. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
මහණෙනි, ඒ කිමැ යි හඟි වු ද? ඇස නිත්ය හෝ අනිත්ය හෝ යැ. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් හෝ සුව හෝ යැ. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ”? යි. වහන්ස, මෙය නො වේ ම ය.
රූපය නිත්ය හෝ අනිත්ය හෝ යැ? වහන්ස, අනිත්ය ය ... ඇස්විනැණ නිත්ය හෝ අනිත්ය හෝ යැ? වහන්ස, අනිත්ය ය ... ඇස්පහස නිත්ය හෝ අනිත්ය හෝ යි. වහන්ස, අනිත්ය ය. ... ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද නිත්ය හෝ අනිත්ය හෝ යැ. වහන්ස, අනිත්ය ය; යමක් අනිත්ය නම් හේ දුක් හෝ සුව හෝ යැ? වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය. මේ මම වෙමි” මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.