1. 14. 7.
අජ්ඣත්ත අනිච්ච සූත්රය
140. මහණෙනි, ඇස අනිත්ය ය. ඇස හටගැනීමට යමකුත් හේතු වේ නම් යමකුත් ප්රත්යය වේ නම් ඒද අනිත්ය ය. මහණෙනි, අනිත්ය හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් නිත්ය වන්නේ ද? කන ... නැහැය ... දිව අනිත්ය ය. දිව හටගැන්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්රත්යය වේ නම් හෙ ද අනිත්ය ය. මහණෙනි, අනිත්ය හෙයින් හටගත් දිව කවර හෙයින් නිත්ය වන්නේ ද? කය ... සිත අනිත්ය ය. සිත හටගැන්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්රත්යය වේ නම් හෙ ද අනිත්ය ය. මහණෙනි, අනිත්ය හේතුවෙන් හටගත් සිත කවර හෙයින් නිත්ය වන්නේ ද?
මහණෙනි, මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් ... නැහැයෙහිත් ... දිවෙහිත් ... කයෙහිත් ... සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කට යුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 8.
අජ්ඣත්ත දුක්ඛ සූත්රය
141. මහණෙනි, ඇස දුක් ය. ඇස ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි. දුක් හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් සුව වන්නේ ද? කන ... නැහැය ... දිව දුක් ය. දිවේ ඉපැද්මට යමකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි, දුක් හේතුවෙන් හටගත් දිව කවර හෙයින් සුව වන්නේ ද? කය ... සිත දුක් ය. සිතේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හේ ද දුක් ය. මහණෙනි, දුක් හෙයින් හටගත් සිත කවර හෙයින් සුව වන්නේ ද.
මහණෙනි, මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 9.
අජ්ඣත්ත අනත්ත සූත්රය
142. මහණෙනි, ඇස ආත්ම නො වේ. ඇසේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද ආත්ම නො වේ. මහණෙනි, ආත්ම නොවන හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් ආත්ම වන්නේ ද. කන ආත්ම නො වේ ... නැහැය ආත්ම නො වේ ... දිව ආත්ම නො වේ. දිවේ හටගැන්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද ආත්ම නො වේ. මහණෙනි, ආත්ම නොවන හේතුවෙන් හටගත් දිව කවර හෙයින් ආත්ම වන්නේ ද? කය අනත් ය ... සිත ආත්ම නො වේ. සිතේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද ආත්ම නො වේ. මහණෙනි, ආත්ම නොවන හේතුවෙන් හටගත් සිත කවර හෙයින් ආත්ම වන්නේ ද?
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 10.
බාහිර අනිච්ච සූත්රය
143. මහණෙනි, රූපය අනිත්ය ය. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද අනිත්ය ය. මහණෙනි, අනිත්ය දැයින් හටගත් රූපය කවර හෙයින් නිත්ය වන්නේ ද? සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිත්ය ය. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්රත්යය වේ නම් හෙ ද අනිත්ය ය. මහණෙනි, අනිත්ය දැයින් හටගත් දහම් කවර හෙයින් නිත්ය වන්නේ ද?