1. 12. 2.
දුතිය මාරපාස සූත්රය
115. මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, (එහි) ගුණ කියන්නේ ද, ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ඇසින් දත යුතු රූහි බැඳුණේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරහු විසින් කැමති පරිදි කළ හැක්කේ ය යි කියනු ලැබේ.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, සිතින් දත යුතු දහම් ඇත ... ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, එහි ගුණ කියන්නේ ද එහි ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ සිතින් දතයුතු දහම්හි බැඳුණේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරහු විසින් කැමති පරිදි කළ හැක්කේ ය යි කියනු ලැබේ.
තවද මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, එහි ගුණ නො කියන්නේ ද, එහි ගැලී නො සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ඇසින් දත යුතු රූපයන්ගෙන් මිදඳුණේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ ය යි කියනු ලැබේ.
මහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, එහි ගුණ නො කියන්නේ ද, එහි ගැලී නො සිටිනේ ද, මහණෙනි, මේ මහණ තෙමේ සිතින් දත යුතු දහමින් මිදුණේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ ය යි කියනු ලැබේ යි.
1. 12. 3.
ලෝකන්තගමන සූත්රය
116. මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැ යි, දැක්ක හැකි යැයි, පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි යි මෙය වදාරා භාග්යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් වී ය: ඇවැත්නි භාග්යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැ යි පැමිණිය හැකි යයි මම නො කියමි. මහණෙනි ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි” යි. මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි.
එකල්හි ඒ භික්ෂූන්ට මෙබඳු සිතෙක් විය. මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද සංවර්ණිතයහ. නුවණැති සබ්රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි ආනන්දයෙනි, භාග්යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකියැ යි දැක්ක හැකි ය යි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි. මේ උද්දේසය සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ අපට මෙබඳු සිතෙක් විය.
ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැයි පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි. ඇවැත්නි ඒ අපට මෙබඳු සිතෙක් විය: ඇවැත්නි, මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ” යි. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බෙදත්වා යි.