1. 11. 10.
උපස්සුති සූත්රය
113. එක්කලෙක භාග්යවතුන් වහන්සේ නාදික ගම්හි ගඩොළු පහයෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ රහසිගත ව විවේකී ව මේ දහම්නය වදාළ සේක:
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැනීම වේ.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා ... මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැනීම වේ.
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනා ව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේගේ හඬසනෙහි සිටියේ වෙයි. භාග්යවතුන් වහන්සේ හඬසනෙහි සිටි ඒ මහණහු දුටු සේක. දැක ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, තෙපි මේ දහම්නය ඇසුවහු දැ? යි. වහන්ස එසේ ය. මහණ තෙපි මේ දහම්නය උගනිවු. මහණ තෙපි මේ දහම්නය පිරිවහවු. මහණ තෙපි මේ දහම්නය දරවු. මහණ මේ දහම්නය වැඩ සහිත ය. මගබඹසරට මුල් යයි.
එකොළොස්වැනි යෝගක්ඛේමි වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
යෝගක්ඛේමි, උපාදාය, දුක්ඛ, ලෝක, සෙය්ය, සංයෝජන, උපාදාන යන සූත්ර සත ය. පරිජානන සූත්ර දෙක ය. උපස්සුති සූත්ර ය යි දශයෙකි.