1. 1. 7.
දුතිය අජ්ඣත්තානිච්ච සූත්රය
7. සැවැත්නුවර–
මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද ඇස අනිස ය. පවත්නා රූපය පිළිබඳ ව කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්රුත අරීසවු ඉකුත් ඇසෙහිත් නිරපේක්ෂ වෙයි. අනාගත ඇස නො පතයි. පවත්නා ඇස පිළිබඳ ව නිර්වේදය පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
කන අනිස ය … නැහැය අනිස ය … ඉකුත් වු ද නො පැමිණියා වූ ද දිව අනිස ය, පවත්නා දිව පිළිබඳ ව කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්රුත අරිසවු ඉකුත් දිවෙහි නිරපේක්ෂ වෙයි. අනාගත වූ දිව නො පතයි. පවත්නා දිවෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
කය අනිස ය … ඉකුත් වූ ද නො පැමිණියා වූ ද මනස අනිස ය. වර්තමාන මනෙසහි කිනම් කථා යැ, මහණෙනි, මෙසේ දක්නා බහුශ්රුත අරීසවු අතීත මනසෙහි නිරපේක්ෂ වෙයි. අනාගත මනස නො පතයි. වර්තමාන මනසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
1. 1. 8.
දුතිය අජ්ඣත්තදුක්ඛ සූත්රය
8. සැවැත්නුවර–
මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද, ඇස දුක් ය. පවත්නා ඇසෙහි කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු අතීත වූ ඇසෙහි නිරපේක්ෂ වෙයි. අනාගත වූ ඇස නො පතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි … අතීතානාගත මනස දුක් ය. පවත්නා මනසෙහි කවර කථා යැ, මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු අතීත මනසෙහි නිරපේක්ෂ වෙයි. අනාගත වූ මනස නො පතයි. පවත්නා මනසෙහි කලකිරීමට නො ඇල්මට නිරෝධයට පිළිපන්නේ වෙයි.
1. 1. 9.
දුතිය අජ්ඣත්තානත්ත සූත්රය
9. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත වූ ඇස අනත් ය. පවත්නා ඇසෙහි කිනම් කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්රුත අරිසවු අතීත වූ ඇසෙහි නිරපේක්ෂ වෙයි. අනාගත වූ ඇස නො පතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. කන අනත් ය. පවත්නා කනෙහි කවර කථාවෙක් ද … අතීතානාගත වූ නැහැය අනත් ය, පවත්නා නැහැයෙහි කවර කථා යැ … අතීතානාගත වූ දිව අනත් ය. පවත්නා දිවෙහි කවර කථා යැ … පිළිපන්නේ වෙයි. අතීතානාගත වූ මනස අනත් ය. පවත්නා මනසෙහි කවර කථා යැ මහණෙනි, මෙසේ දක්නා බහුශ්රුත අරීසවු අතීත වූ මනසෙහි නිරපේක්ෂ වෙයි. අනාගත වූ මනස නො පතයි. පවත්නා මනසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.