1. 1. 8.
දුතිය අජ්ඣත්තදුක්ඛ සූත්‍රය
8. සැවැත්නුවර–
මහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද, ඇස දුක් ය. පවත්නා ඇසෙහි කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු අතීත වූ ඇසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ ඇස නො පතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි … අතීතානාගත මනස දුක් ය. පවත්නා මනසෙහි කවර කථා යැ, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු අතීත මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ මනස නො පතයි. පවත්නා මනසෙහි කලකිරීමට නො ඇල්මට නිරෝධයට පිළිපන්නේ වෙයි.
1. 1. 9.
දුතිය අජ්ඣත්තානත්ත සූත්‍රය
9. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත වූ ඇස අනත් ය. පවත්නා ඇසෙහි කිනම් කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරිසවු අතීත වූ ඇසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ ඇස නො පතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. කන අනත් ය. පවත්නා කනෙහි කවර කථාවෙක් ද … අතීතානාගත වූ නැහැය අනත් ය, පවත්නා නැහැයෙහි කවර කථා යැ … අතීතානාගත වූ දිව අනත් ය. පවත්නා දිවෙහි කවර කථා යැ … පිළිපන්නේ වෙයි. අතීතානාගත වූ මනස අනත් ය. පවත්නා මනසෙහි කවර කථා යැ මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත වූ මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ මනස නො පතයි. පවත්නා මනසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
1. 1. 10.
දුතිය බාහිරානිච්ච සූත්‍රය
10. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගතවූ රූප අනිසය. පවත්නා රූප පිළිබඳ ව කිනම් කාථා ද. මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල් ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. සද … ගඳ … රස … පහස් … අතීත අනාගත දහම් අනිස ය. පවත්නා දහම් පිළිබඳ ව කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. අනාගත දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීමට නො ඇල්මට නිරෝධයට පිළිපන්නේ වෙයි.
1. 1. 11.
දුතිය බාහිරදුක්ඛ සූත්‍රය
11. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූප දුක් ය. පවත්නා රූප පිළිබඳ ව කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. සද … ගඳ … රස … පහස් ඉකුත් නො පැමිණි දහම් දුක් ය. පවත්නා රූ පිළිබඳ ව කවර කථා යැ, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
1. 1. 12.
දුතිය බාහිරානත්ත සූත්‍රය
12. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූප අනත් ය. පවත්නා රූපයෙහි කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. සද … ගඳ … රස … පහස් ... අතීත අනාගත දහම් අනත් ය. පවත්නා දහම් පිළිබඳ ව කවර කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
පළමුවැනි අනිච්චවර්‍ග යි.
එහි උද්දානය:
අනිච්ච යැ දුක්ඛ යැ අනත්ත යැ යි සූත්‍රයෝ තුන් දෙනෙකි. ඔහු අජ්ඣත්තබාහිර-වශයෙන් සිටිත්. ‘යදනිච්ච’ ශබ්දයෙන් වෙන් කොට කියූ සූත්‍රයෝ ද තුන්දෙනෙකි. ඔහු ද අජ්ඣත්තබාහිර-වශයෙන් සිටිති (අජ්ඣත්තබාහිර-භේදයෙන් දොළොස් දෙනෙකි.)