3. 2. 14.
අන්ය ජීව අන්යත් ශරීර සූත්රය
237. සැවැත්නුවර:
… “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි? භගවත්හු මුල් කොට ඇතියහ. ... ජීවය අනෙකක, ශරීරය අනෙකකැයි.
3. 2. 15.
හොති තථාගත සූත්රය
238. සැවැත්නුවර:
… “සත්ත්වයා මරණින් මතු වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්වයා මරණින් මතු වේ.
3. 2. 16.
නහොති තථාගත සූත්රය
239. සැවැත්නුවර:
… “සත්ත්වයා මරණින් මතු නො වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්වයා මරණින් මතු නො වේ යි.
3. 2. 17.
හොති ච නච හොති තථාගත සූත්රය
240. සැවැත්නුවර:
… “සත්ත්වයා මරණින් මතු වෙයි, නො ද වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්වයා මරණින් මතු වෙයි, නො ද වේ.
3. 2. 18.
නේව හොති න න හොති තථාගත සූත්රය
241. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවෙයි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙ යි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? … සත්ත්වයා මරණින් මතු නොම වෙයි, නො ම නො වේ යයි.
3. 2. 19.
රූපී අත්තා සූත්රය
242. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්ය හෝ වේ ද, අනිත්ය හෝ වේ දැ”යි? …
දුක් නම් වෙනස් වන සුලු නම් එය නොඇසුරු කොට “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, මෙය නො වේ මැ යැ.
“වේදනාව … “සංඥාව … “සංස්කාරයෝ … “විඥානය නිත්ය ද? හෝ අනිත්ය ද? හෝ යි …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, මෙය නො වේ ම ය.
මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක ඇසුරු කොට දුකට පිවිස ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී යයි.
3. 2. 20.
අරූපී අත්තා සූත්රය
243. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය රූප නැත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
(ඒ පෙය්යාලය ම විස්තර කටයුතු යි)