2. ගමන වර්ගය
3. 2. 1.
වාත සූත්රය
224. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනීහු ප්රසව නො කෙරෙති, සඳ හිරුහු නො ද උදාවෙති, නො ද බැස යෙති, ඉන්ද්රකීල සෙයින් නො සැලී සිටියාහු” කියා යි.
වහන්ස, දහම්හු භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇතියහ … භාග්යවතුන් වහන්සේ වෙතින් අසා භික්ෂූහු ධරන්නාහ යි.
එසේ වී නම් මහණෙනි අසවු… මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ මෙබඳු දෘෂ්ටියක් උපදියි. “වාතයෝ නො හමති, … ඉන්ද්රකීල සෙයින් සිටියාහු”යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ මෙබඳු දෘෂ්ටියක් උපදියි. “වාතයෝ නො හමති, … ඉන්ද්රකීල සෙයින් සිටියාහු” යි.
මහණෙනි, ඒ කුමකැයි හඟිවු ද, රූපය නිත්ය හෝ අනිත්ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්ය යැ.
යමෙක් අනිත්ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට “වාතයෝ නො හමති… ඉන්ද්රකීල සෙයින් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මෙසේ වනාහි මහණෙනි, දුක ඇති කල්හි දුක නිසා දුකට පිවිස “වාතයෝ නො හමති… ඉන්ද්රකීල සෙයින් සිටියහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව… සංඥාව … සංස්කාර … විඥානය නිත්ය හෝ අනිත්ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්ය යැ …
පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට “වාතයෝ නො හමති… ඉන්ද්රකීල සෙයින් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මෙසේ වනාහි මහණෙනි, දුක ඇති කල්හි දුක නිසා දුකට පිවිස “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනීහු ප්රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති නො ද බැස යෙති, ඉන්ද්රකීල සෙයින් සිටියාහු”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ...
3. 2. 2.
එතං මම සූත්රය
225. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ… මේ මාගේ ආත්මය යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
(පළමු සූත්ර දශය යම් සේ නම් එමෙන් විස්තර කටයුතු යි).
3. 2. 3.
සො අත්තා සූත්රය
226. සැවැත්නුවර:
… ‘ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්යයෙමි, ධ්රැවයෙමි, ශාශ්වතයෙමි, නොවෙනස් වනසුල්ලෙමි”යි …
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … වෙනස් වන සුල්ලෙමි’යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 4.
නො ච මෙ සියා සූත්රය
227. සැවැත්නුවර:
… “ඉදින් මම නො වන්නෙම් නම් පස්කඳ මට නො ද වන්නේ ය. (මතු) ද (මම) නො වන්නෙම් නම් (මතු) ද මට පස්කඳ නො වන්නේ ය යි. … මතු මට පස්කඳ නොවන්නේ ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 5.
නත්ථි දින්න සූත්රය
228. සැවැත්නුවර:
… දෙන ලද්දෙහි විපාක නැත, හෝ මහා යාගයෙහි විපාක නැත ... කය බිඳීමෙන් සිඳෙති, වැනසෙති, මරණින් මතු නො වෙති” යි ...
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … මරණින් මතු නො වෙති යි. (මෙබඳු දිටෙක් උපදී.)
3. 2. 6.
කරොතො සූත්රය
229. සැවැත්නුවර:
... “පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැතැ” යි … වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. .. පිනෙහි ඊමෙක් නැතැ යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)