2. 3. 7.
අනන්ත සූත්රය
188. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, …: “නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් යහපතැ යි.
රාධය, යමෙක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ. රාගය පහ කටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් අනාත්ම ද යත්: රාධය, රූපය අනාත්ම යැ ; එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනාත්ම යැ. එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්දය පහකට යුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි.
2. 3. 8.
අනත්තධම්ම සූත්රය
189. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, “…: නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනැවැ”යි.
රාධය, යමෙක් අනාත්ම ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් අනාත්ම ස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය අනාත්ම ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනාත්මස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. රාධය, යමක් අනාත්ම ස්වභාවය ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි.
2. 3. 9.
ඛයධම්ම සූත්රය
190. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරනසේක්වා”යි.
රාධය, යමෙක් ක්ෂය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් ක්ෂය වනසුලු ද යත්: රාධය, රූපය ක්ෂය වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය ක්ෂය වනසුලු යැ, එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් ක්ෂය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි.
2. 3. 10.
වයධම්ම සූත්රය
191. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.